Monday, September 24, 2012

අපි කවුරුත් හොදින් හදුනන සර්පයෙක්- නයා Indian Cobra - 2


එදා අපි නාගයින් ගැන ටිකක් විතර කතා කලානේ, අදත් අපි හදන්නේ නාගයින් ගැන වැඩිදුරටත් කතා කරන්න.
නාග විෂේ ප්‍රධාන අන්තර්ගතය neurotoxin වේ.  මේවා මගින් ස්නායු පද්ධතියට ප්‍රබල හානි ඇතිකරනවා.  මීට අමතරව මාංශ පේශිවල  අකර්මන්‍යතා ඇති කිරීම වගේම හෘදයට බලපෑම් ඇති කරන්නත් මේ විෂ සමත්කම් දක්වනවා.  විෂේ අන්තර්ගත එන්සයිම අතර හයලුරොනිඩේස් තමයි ප්‍රධාන අන්තර්ගතය.
නාගයෙක් දෂ්ඨ කලාට පස්සේ සපා කෑ ස්ථානයේ පටක ක්ෂය වීමක් සිදුවෙනවා.  රෝගියාට හුස්ම ගැන්න අපහසු වෙනවා.  සුදුසු ප්‍රතිකාර කඩිනමින් ලබා දුන්නේ නැත්නම්  රෝගියා මරණයට පත්වෙනවා.
නාගයා වැඩිපුර  ක්‍රියාශීලී වෙන්නේ දවල් කාලයේ.  ඇතැම් විට රාත්‍රී කාලයේද වාර්තා වෙලා තියෙනවා.
නයා කියන්නේ භෞමික සර්පයෙක්.  ඇතැම් විට කුඩා පදුරු වලද ඉන්නවා  දකින්න පුලුවන්. වැසි කාලයේ පදුරු ආශ්‍රිතව දිවි ගෙවනවා.
නාගයින්ට පිහිනීමේ යම් හැකියාවක්ද පවතිනවා.  මේ සර්ප විෂේශය ඇතැම් විට මිනිස් වාසස්තාන වලටද ඇතුලු වෙනවා.
ක්‍රියාශීලී සර්පයෙකුවන මොහු බිය ගැන්වූ විට වේගයෙන් පලා යනවා.  නැත්නම් පෙනය එසවීම සිදුකරනවා. අවසානයේ පහර  දීමට පෙළඹෙනවා. පහර දීමකදී තම ශරීරයෙන් 1/3 එසවීමේ හැකියාව නයෙකුට පවතිනවා.
අප්‍රේල් - ජූලි අතර කාලයේදී බිජු ලෑම සිදු කරනවා.   එක් වරකට බිත්තර 5-25 අතර ප්‍රමාණයක් පොළවේ සකස් කළ කූඩු වල දැමීම සිදු කරනවා.
නාගයෙක් මීටර 1.5 පමණ දිගකට වර්ධනය වෙනවා.
 නාගයින්ගේ ආහාර ගැන කතා කරන කොට මෙයාලත් අනෙක් සර්පයෝ වගේම මීයන් ,ගෙම්බන්, කුරුල්ලන්, මාලුන් ආහාරයට ගන්නවා. ඒ විතරක් නෙමෙයි මෙයාලා වෙනත් සර්පයන් වගේම ඔවුන්ගේ බීත්තරත් ආහාරයට ගන්නවා.
නාගයින් හා බැදුනු මිත්‍යා විෂ්වාස බොහොමයක් අපේ සමාජය පුරා පැතිරිලා තියෙනවා.
අපේ රටේ වගේම වෙනත් රට වලත් ඇතැම් ජන කොට්ඨාශ  නාගයින් මත තම ජීවිකාව පවත්වා ගන්නවා. අපේ රටේ අහිගුන්ඨකයින් කියන්නේ ඒ වගේ ජන කොට්ඨාශක්. ඒ වගේම සමහර ජන කොට්ඨාශ වල මිනිසුන්නාගයන්ට දේවත්වයෙන් සලකනවා.

නයි නැටවීම


Tuesday, September 4, 2012

අපි කවුරුත් හොදින් හදුනන සර්පයෙක්- නයා Indian Cobra/ Spectacled Cobra


පසුගිය දවසක බ්ලොග් එක පැත්තේ ආපු අයිය කෙනෙක් කියලා තිබුනනේ ලංකාවෙ ඉන්න විෂ තියෙන සර්පයෝ ගැන ඉදිරිපත් කලොත් හොදයි කියලා, ඉතින් අද මම හිතුවා අපේ රටේ ගොඩබිමින් හමුවෙන උග්‍ර විෂ සහිත සර්පයින් පස් දෙනාගෙන් වැඩිපුරම අපිට හම්බු වෙන නයා ගැන පොඩ්ඩක් කතා කරන්න.
නයා එහෙමත් නැත්නම් නාගයා ( Indian Cobra/ Spectacled Cobra) 
කියන්නේ Elapidae කුළයේ  Elapinae කියන උප කුළයට අයිත් උග්‍ර විෂ තියෙන සර්පයෙක්නේ. Naja naja  තමයි මෙයාගේ විද්‍යාත්මක නම. නයා ලංකාවේ සෑම දේශගුණික කලාපයකම වගේ දැක ගන්න පුලුවන්. මේ සර්පයාගේ ශරීරය  දිගයි සිලින්ඩරාකාරයි.
අපි හැමෝම වගේ දන්න විදිහට නයා අනෙකුත් සර්යින්ගෙන් වෙන්කර හදුනාගන්න පුලුවන් පැහැදිලි හිසක් තියෙනවා.  මධ්‍යම ප්‍රමාණයේ හිස පැතලියි. මෙම හිස “පෙනය‍  (hood)  කියලා හදුන්වනවා.  හිස ගෙලින් පැහැදිලිව වෙන්වෙලා තියෙනවා.  ඒ වගේම හිසේ අඩ කවයක් ආකාරයට කලු පාට පැල්ලමක් තියෙනවා.  මේ පැල්ලම සිංහල“ප අකුරේ හැඩය ගන්නවා.  සමහර නාගයිනන්ගේ මේ පැල්ලම පැහැදිලිව දිස් වුනත්ඇතැම් සර්පයින්ගේ  මෙම සළකුණ එතරම් පැහැදිලි නෑ.
නයාට මධ්‍යම ප්‍රමාණයේ ඇස් තියෙනවා.ඒ වගේම  මධ්‍යම ප්‍රමාණයේ නාස් පුඩුත් මෙයාලගේ දැක ගන්න පුලුවන්.

අපේ රටින් විවිධ ශරීර වර්ණ දරන නාගයින් හමුවුනත්  බොහෝ විට  තද දුඹුරු පාටට හුරු කලු පාට ශරීර අතිනාගයින් බහුලව දැක ගන්න පුලුවන්.  ඇතැම් නාගයින් ලා දුඹුරු පාටක් ගන්නවා.  ශරීරය පුරා සුදු පාට සහ දුඹුරු පාට මිශ්‍රව පවතිනවා. ඒ විතරක් නෙමෙයි සුදු පාට නාගයින්ද ලංකාවෙන් වාර්තා වෙනවා.  
අපි කවුරුත් දන්න විදිහට නයා උග්‍ර විෂ සහිතයි.  සර්ප දෂ්ඨනයෙන් අපේ රටේ සිදුවන මරණ වැඩි සංඛ්‍යාවකට හේතුවෙනවා.   නාගයින්ට ශරීරයේ පුර්වයේ පිහිටි දළ  පිහිටනවා.
 නයා කියන්නේ අපි කවුරුත් හොදින් දන්න සර්පයෙක්නේ, ඒ නිසාම මෙයා ගැන කතා කරන්න තව ගොඩක් දේවල් තියෙනවා. ඒව ගැන කතා කරන්න අපි තවත් දවසක හමු වෙමුකෝ.

Thursday, July 26, 2012

උග්රපතම විෂ සහිත සර්පයින් අයිති වෙන Family Elapidae


අපි පසුගිය දවස් වල කතා කරමින් හිටියේ සර්පයින් අයිත් වෙන කුළ ගැනනේ ඉතින් අද මම හිතුවා ටිකක් වැදගත් සර්ප කුළයක් ගැන කතා කරන්න‍. ඒ තමයි සර්පයින් අතරින් උග්‍රතම විෂ සහිත සර්පයින් අයිති වෙන Elapidae කියන සර්ප කුළය. අපි කවුරුත් හොදටම දන්න නයා, කරවලා වගේම  උග්‍ර විෂක් තියෙන මුහුදු නයින් අයිත් වෙන්නෙත් මේ කුළයටයි.
මේ කුළය Elapinae,Hydrophiinae, Laticauinae ලෙසට ප්‍රධාන උප කුළ (sub families) තුනකට බෙදෙනවා .  
Elapinae උපකුළයට ගොඩබිම වෙසෙන කරවලුන් හා නාගයින් අයත් වෙනවා. ගොඩබිම හමුවන උග්‍රතම විෂ සහිත සර්පයින් පස්දෙනා අතරින් තුන්දෙනෙක්, ඒ කියන්නේ නයා (Naja naja), තෙල් කරවලා ( Bungarus caeruleus) , මුදු කරවලා (Bungarus ceylonicus) මෙම උප කුළයට අයත් වෙනවා. මෙම උප කුළයට අයත් සර්පයින් අතරින් විෂේශ දෙකක් මෙරටට ආවේනිකයි.
Hydrophiinae උප කුළයට අයිති වෙන්නේ මුහුදු නයින්. මෙම උප කුළයට අයති සර්ප විෂේශ 13 පමණ අපේ රටින් හමුවන අතර ඔවුන් සියල්ලක්ම උග්‍ර විෂ සහිත ජලජ සර්පයින් වේ.
 Laticauinae උප කුළයට අයිති සර්පයින් අතරින් තොළ කහ මුහුදු නයා (Laticauda colubrine)මෙරටින් වාර්තා වෙනවා. මෙයාලා වෙරලාසන්නයේ ජීවත් වෙන. උග්‍ර විෂ සහිත සර්ප විෂේශයක්.
තොළ කහ මුහුදු නයා (Laticauda colubrine) 




Saturday, June 9, 2012

සර්ප විෂ



සර්ප විෂ කියන්නේ විෂ ග්‍රන්ථි වලින් නිපද‌වෙන ද්‍රාවනයක්. ‌මෙහි වියළි බරින් 90% ක් විතර ප්‍රමාණයක්ම තියෙන්නේ ‌ප්‍රෝටීන. මේ ප්‍රෝටීන අතරින් බහුතරය එන්සයිම. ‌සර්ප විෂ කියන්නේ ඉතා සංකීර්ණ ද්‍රාවනයක්.  ‌මෙහි තියෙන විවිධ සංඝඨක විවිධ ප්‍රතික්‍රියාවන් සිදු කරනවා. ‌මෙය ‌බො‌හෝ විට ජලයට වඩා ඝනත්ව‌යෙන් වැඩි කහ දුඹුරු වර්ණ‌යෙන් යුක්ත ද්‍රාවනයකි. 

‌සර්ප විෂ තුළ අඩු අනුක භාරයක් සහිත ‌‌පොලි‌පෙප්ටයිඩ අඩංගු ‌වෙනවා. ‌ විද්‍යාඥයින් විසින් ‌මේ වන විට ‌‌සර්ප විෂේ අඩංගු එන්සයිම වර්ග 30 ක් පමණ සොයා‌ගන්න සමත් වෙලා තියෙනවා. ඒවා අතර ‌ප්‍රෝටි‍‌යස් හයලු‌රොනි‌ඩේස් ‌පොසි‌පෙලි‌පේස් ඊස්ට‌රේස් නියුක්ලි‌යෝටයි‌ඩේට් ‌ලෙසිති‌නේස් ප්‍රධාන ‌වේ.

ශරීරයට හානි සිදු කරන ආකාරය අනුව විෂ ප්‍රධාන වර්ග 6 කට ‌බෙදා දැක්විය හැක.

1.   Haematoxins

රුධිර සංසරණ පද්ධතියට හානි කරයි.

2.   Neurotoxins

ස්නායු පද්ධතියට හානි කරයි.

3.   Nphrotoxins

බහිස්‍රාවී පද්ධතියට හානි කරයි.

4.   Cardiovascular toxins

හෘදයට හානි කරයි.

5.   Myotoxins

‌පේශි පද්ධතියට හානි කරයි

6.   Endocrine toxins

අන්තරාසර්ග(‌හෝ‌මෝන) පද්ධතියට හානි කරයි.


Haematoxins වල රුධිරය කැටි ගැසීම වළක්වන එන්සයිම වර්ග අඩංගු ‌‌වෙනවා. එම නිසා රුධිරය කැටි ගැසීමට ගතවන කාලය වැඩි ‌කරනවා. සමහර සංඝඨක රතු රුධිරානු වල ‌ෙ‌සෙල පටල විනාශ කරනවා.

Neurotoxins වල තියෙන  Phospholipase A2  කියන සංඝඨකය ස්නායු අන්තයන් වලට හානි කරනවා. ඒ වගේම ස්නායු සම්‌ප්‍රේශකයක් වන ඇසිටයිල් ‌කෝලින් නිදහස් කිරීමට බාධාකරලා උපාංගමය හරහා ආ‌වේග සම්‌‌‌ප්‍රේශණයට බාධා පමුනුවනවා. ‌මෙහි අඩංගු සමහර සංඝඨකයන් ‌මොළ‌යේ ක්‍රියාකාරිත්වය ‌වෙනස් කිරීමට සමත් වන බව ‌සොයා‌ගෙන තියෙනවා.

   Nphrotoxins වකුගඩු අක්‍රිය කිරීම සිදු කරනවා.  මෙම වි‌ෂෙහි තියෙන ‌ප්‍රෝටි‌යේස් මගින් සපා කෑ ස්ථාන‌යේ බාහිර පටක විනා ශ කරනවා.

කළළ අවස්ථා‌වේ දී පවා සර්පයින් සතුව විෂ පවතින නිසා සපා කෑ සර්පයා කුඩා අ‌යෙකු වුනත් සපා කෑ විගසම නිසි ප්‍රථිකාර ගැනීම කරන්න ඕනි. සර්ප විෂ වලින් මිනිසාට හානි සිදුවෙනවා වාගේම එයින් අපි ලබා ගන්න වාසිත් ගොඩක් තියෙනවා. ඒවා ගැනත් ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා.


Saturday, May 19, 2012

සර්පයින්ගේ විෂ ග්රින්ථි හා විෂ දළ


අපි මේ දවස්වල කතා කරන්නේ සර්පයින් අයත් වෙන කුළ ගැන වුනත් එක දිගටම ඒ ගැන කතා කරන එකත් කම්මැලි නිසා අද මම හිතුවා ටිකක් වැදගත් මාතෘකාවක් වෙන සර්පයින්ගේ විෂ  ග්‍රන්ථි හා විෂ දළ ගැන කතා කරන්න. අපේ බොහෝ දෙනෙක් සර්පයින්ට බය වෙන්නේ සර්පයින්ගේ විෂ දළ නිසානේ.

සර්පයින්‌ගේ විෂ නිපදවන්‌නේ හි‌සෙහි ඇසට පිටුපසින් පිහිටලා තියෙන ග්‍රන්ථි තුළයි. ‌මෙම ග්‍රන්ථි ප්‍රධාන  ආකාර ‌දෙකක් තියෙනවා.

(1)        ඩුව‌නොයි  (Duvernoy gland)

(2)        සත්‍ය විෂ ග්‍රන්ථි ‌(Venom gland)

මෙම ග්‍රන්ථි තියෙන්නේ මාංශ ‌‌‌පේශි  වලින් ආවරණය වෙලයි. අවශ්‍ය වෙලාවට  ග්‍රන්ථී සං‌කෝචනය කරලා විෂ නිකුත් කිරීම මාංශ ‌පේශි මගින් සිදු‌‌ වෙනවා.

‌ ඕනෑම සර්පයෙක් ගොදුරට ‌හෝ සතුරාට විශ නිකුත් කරනු ලබන්‌නේ විෂ දළ මගිනි. සර්පයා දෂ්ඨ කරන වෙලාවට විෂ ග්‍රන්ථි තුළ තියෙන විෂ, නාළයක් ඔස්‌සේ පිටතට ඇවිල්ලා ගොදුරට ඇතුලු වෙනවා. විෂ රහිත සර්පයින් සතුව දළ ‌නොපිහිටියත් දත් පිහිටලා තියෙනවා. දළ වල පිහිටීම හා ස්වාභාවය අනුව  සර්පයින් ප්‍රධාන කොටස් හතරකට වර්ග කරනවා.

Aglypha

දළ පිහිටා නැත. දත් හා තද හකු ඇත. විෂරහිතයි.

Opisthoglypha

පිටුපසින් පිහිටි ‌කෙටි දළ ඇත. සුලු විෂ සහිතයි. 

Proteroglypha

පූර්ව‌යේ පිහිටි දළ ඇත. ( නයා, කරවලා, මුහුදු නයින්)

Solenoglypha

පූර්ව‌යේ පිහිටි  ‌සෙළවිය  හැකි දළ ඇත.( තිත් ‌පොළගා)


විෂ ග්‍රන්ථි හා විෂ දළවල පිහිටීම