Sunday, September 7, 2014

ලෝකය පුරා සර්පයෝ....


හැමදාම වගේ ලංකාවේ ඉන්න සර්පයෝ ගැන කතා කරන හින්දා අද ලෝකේ පුරා සර්පයෝ ව්‍යාප්ත වෙලා ඉන්නේ කොහොමද කියලා දැනුවත් කරන්න හිතුනා. සර්ප විශේෂ 2900කට අධික ප්‍රමාණයක් ලොව පුරා විසිරිලා ඉන්නවා. ඇන්ටාටිකාව හැරුනු කොට අන් සියලුම මහද්වීප වලින් සර්පයින් මුණ ගැහෙනවා. ගැඹුරු මුහුදු පතුලේ වගේම 5000m කට වඩා උස්වූ කදුමුදුන් වලද මොවුන් දිවි ගෙවනවා. කොහොම වුනත් අයර්ලන්තය වගේ සර්පයින්ගෙන් තොර වූ දූපත්ද ලොව පුරා වාර්තා  වෙනවා.
ලෝකය පුරා ජීවත් වෙන බොහෝ සර්පයින් සාමාන්‍යයෙන් 1m පමණ දිගකින් යුක්ත කුඩා සතුන් වුනත් 9m  පමණ දිගකට වර්ධනය වන රෙටිකියුලේටඩ් පිඹුරාගේ (Reticulated python) පටන් 10cm පමණ කෙටි වූ ශරීරයක් දරන Leptotyphlops carlae දක්වා පුලුල් පරාසයක මොවුන්ගේ ශරීර ප්‍රමාණ විසිරී පවතී. එසේම 100kg ආසන්න ස්කන්ධයකින් හෙබි කොළ ඇනකොන්ඩා (green anaconda)  වැනි සර්පයින්ද ලොව ජීවත් වෙනවා.

ලොව දිගින් වැඩිම සර්පයා
රෙටිකියුලේටඩ් පිඹුරා ( Python reticulatus )

ගිණිකොණ දිග ආසියාතික රට වලින් හමුවන රෙටිකියුලේටඩ් පිඹුරා (Python reticulatus) ලොව දිගින් වැඩිම සර්පයා පමණක් නෙමෙයි දිගින් වැඩිම උරගයා කියන වාර්තාවටද හිමිකම් කියනවා. ඒ වුනත් මෙයා විෂ රහිත සර්පයෙක්.ඉතා හොදින් පිහිනීමේ හැකියාවක් තියෙනවා. Phythonidae කුළයට අයත් සර්පයෙක් වන මොහුට මිනිසෙකු වුවත් පහසුවෙන් ගිල දැමීමේ හැකියාවක් පවතිනවා.
ලොව හමුවී ඇති දිගින් අඩුම සර්ප විශේෂය
Leptotyphlops carlae

Leptotyphlops carlae දැනට ලොව හමුවී ඇති දිගින් අඩුම සර්ප විශේෂය ලෙසින් සැලකෙනවා.  මොවුන්  බාබිඩෝස් වල පිහිටි කැරිබියන් දූපත්වලට ආවේණිකයි. 2008 වසරේදි තමයි මෙයාලව මුලින්ම හොයා ගත්තේ. මේ කුඩා සර්පයා Leptotyphlopidae කියන සර්ප කුළයට අයත් වෙනවා.මෙම සර්ප විශේෂයේ මෙතෙක් හමුවී ඇති දිගින් වැඩිම සත්වයා 10.4cm දිගකින් යුක්තය.
පෘතුවිය මත වෙසෙන විශාලත්වයෙන් සහ බරින් වැඩිම සර්ප විශේෂය
ඇනකොන්ඩා( Eunectes murinus)

පෘතුවිය මත වෙසෙන විශාලත්වයෙන් සහ බරින් වැඩිම සර්ප විශේෂය වන්නේ කොළ ඇනකොන්ඩා( Eunectes murinus) නමින් හදුන්වන සර්ප විෂේශයයි. මෙයාලත් විෂ  රහිත සර්ප විෂේශයක්. ඇනකොන්ඩා දකුණු ඇමරිකාවෙන් හමුවන දක්ෂ පිහිනුම් කරුවෙක්. මෙයා  Boidae කියන් සර්ප කුළයට අයත් වෙනවා.

ජායාරූප- http://kids.britannica.com    
 http://upload.wikimedia.org
http://gallery.usgs.gov