Sunday, April 10, 2016

කදුකර මූකලන් තෙලිස්සා - Highland Hump-nosed Pit Viper

 කදුකර මූකලන් තෙලිස්සා යනු මෙරටට ආවේනික විශ සහිත සර්පයෙකි.
මුහුදු මට්ටමින් මීටර් 2000 දක්වා වූ කදුකර වනාන්තර වල වෙසේ. පේරාදෙනිය සිංහරාජය නකල්ස් හන්තාන කන්නෙලිය  ආදී ප්‍රදේශ වලින් හමුවී ඇත. Hypnale nepa යන විද්‍යාත්මක නමින් හදුන්වන කදුකර මූකලන් තෙලිස්සා මෙලෙස වැඩිදුරටත් ජෛවවිද්‍යාත්මකව වර්ගීකරණය කල හැක.

Kingdom:    Animalia
Phylum:      Chordata
Subphylum: Vertebrata
Class:           Reptilia
Order:         Squamata
Suborder:    Serpentes
Family:       Viperidae
Subfamily:  Crotalinae
Genus:        Hypnale

මධ්‍යම ප්‍රමාණයේ සිලින්ඩරාකාර ශරීරයක් ඇත. හිස ගෙළින් වෙන් වී පවතී.  කුඩා නාස් පුඩු දරයි. රවුම් ඇස් තුළ  ඉලිප්සාකර කනිනිකාවක් දැකිය හැක. ශරීර වර්ණය විවිධාකාර වේ.  බොහෝ විට  අදුරු හෝ ලා දුඹුරු පාට වේ. ඇතැම් විට  ශරීරය පුරා කලු පාට පුල්ලි දැකිය හැක. ශරීරයේ යටි පැත්ත සුදු හෝ අලු පාටක් ගනී. රතු හෝ දුඹුරු පාට තිත් දැකිය හැක.
මධ්‍යම ප්‍රමාණයේ විෂ සහිතයි.  සපා කෑ ස්ථානයේ ඉදිමීමක් ඇතිවේ.  තුවාලයේ ඇතිවන වේදනාව දින කිහිපයක් යන තුරුද පවතී.

තෙත් වනාන්තර වල සහ  කදුකර වගාබිම් වල හමුවේ. රාත්‍රී කාලයේ මෙන්ම  දිවා කාලයේද දැකිය හැක. භෞමික සර්පයෙකු වුවත්  ඇතැම් විට කුඩා ගස්මතද හමුවේ. ඇතැම් විට පදුරු වල දගර ගැසී සිටී. පහර දීම සදහා දුරට පැනීමේ හැකියාව ඇත. සෙන්ටිමීටර් 30-35 පමණ දිගකට වැඩේ. සිකනලුන්, ගෙම්බන්, මීයන් ආහාරයට ගනී.




ජායාරූප http://www.arkive.org/sri-lanka-humpnose-viper/hypnale-nepa