Monday, September 24, 2012

අපි කවුරුත් හොදින් හදුනන සර්පයෙක්- නයා Indian Cobra - 2


එදා අපි නාගයින් ගැන ටිකක් විතර කතා කලානේ, අදත් අපි හදන්නේ නාගයින් ගැන වැඩිදුරටත් කතා කරන්න.
නාග විෂේ ප්‍රධාන අන්තර්ගතය neurotoxin වේ.  මේවා මගින් ස්නායු පද්ධතියට ප්‍රබල හානි ඇතිකරනවා.  මීට අමතරව මාංශ පේශිවල  අකර්මන්‍යතා ඇති කිරීම වගේම හෘදයට බලපෑම් ඇති කරන්නත් මේ විෂ සමත්කම් දක්වනවා.  විෂේ අන්තර්ගත එන්සයිම අතර හයලුරොනිඩේස් තමයි ප්‍රධාන අන්තර්ගතය.
නාගයෙක් දෂ්ඨ කලාට පස්සේ සපා කෑ ස්ථානයේ පටක ක්ෂය වීමක් සිදුවෙනවා.  රෝගියාට හුස්ම ගැන්න අපහසු වෙනවා.  සුදුසු ප්‍රතිකාර කඩිනමින් ලබා දුන්නේ නැත්නම්  රෝගියා මරණයට පත්වෙනවා.
නාගයා වැඩිපුර  ක්‍රියාශීලී වෙන්නේ දවල් කාලයේ.  ඇතැම් විට රාත්‍රී කාලයේද වාර්තා වෙලා තියෙනවා.
නයා කියන්නේ භෞමික සර්පයෙක්.  ඇතැම් විට කුඩා පදුරු වලද ඉන්නවා  දකින්න පුලුවන්. වැසි කාලයේ පදුරු ආශ්‍රිතව දිවි ගෙවනවා.
නාගයින්ට පිහිනීමේ යම් හැකියාවක්ද පවතිනවා.  මේ සර්ප විෂේශය ඇතැම් විට මිනිස් වාසස්තාන වලටද ඇතුලු වෙනවා.
ක්‍රියාශීලී සර්පයෙකුවන මොහු බිය ගැන්වූ විට වේගයෙන් පලා යනවා.  නැත්නම් පෙනය එසවීම සිදුකරනවා. අවසානයේ පහර  දීමට පෙළඹෙනවා. පහර දීමකදී තම ශරීරයෙන් 1/3 එසවීමේ හැකියාව නයෙකුට පවතිනවා.
අප්‍රේල් - ජූලි අතර කාලයේදී බිජු ලෑම සිදු කරනවා.   එක් වරකට බිත්තර 5-25 අතර ප්‍රමාණයක් පොළවේ සකස් කළ කූඩු වල දැමීම සිදු කරනවා.
නාගයෙක් මීටර 1.5 පමණ දිගකට වර්ධනය වෙනවා.
 නාගයින්ගේ ආහාර ගැන කතා කරන කොට මෙයාලත් අනෙක් සර්පයෝ වගේම මීයන් ,ගෙම්බන්, කුරුල්ලන්, මාලුන් ආහාරයට ගන්නවා. ඒ විතරක් නෙමෙයි මෙයාලා වෙනත් සර්පයන් වගේම ඔවුන්ගේ බීත්තරත් ආහාරයට ගන්නවා.
නාගයින් හා බැදුනු මිත්‍යා විෂ්වාස බොහොමයක් අපේ සමාජය පුරා පැතිරිලා තියෙනවා.
අපේ රටේ වගේම වෙනත් රට වලත් ඇතැම් ජන කොට්ඨාශ  නාගයින් මත තම ජීවිකාව පවත්වා ගන්නවා. අපේ රටේ අහිගුන්ඨකයින් කියන්නේ ඒ වගේ ජන කොට්ඨාශක්. ඒ වගේම සමහර ජන කොට්ඨාශ වල මිනිසුන්නාගයන්ට දේවත්වයෙන් සලකනවා.

නයි නැටවීම


3 comments:

  1. ඉන්දියන් කාරයෝනම් නයින්ට වඳිනවත් එක්ක

    ReplyDelete
  2. ඔව් ඉන්දියාවේ සමහර ජන කොට්ටාශ නාගයින් දෙවියො විදිහට සලකනවා...

    ReplyDelete
  3. මම ඔයාගේ බ්ලොග් එක දැක්කේ අද. ඇත්තටම හරිම වටිනවා.
    නාග දෂ්ඨනයට දෙන්න පුළුවන් ප්‍රථමාධාර මොනවද?
    හදිස්සියකදී තමන්ට නයෙක් දෂ්ට කලොත් ළඟ පාත උදව්වට කව්රුත් නැතිනම් ජීවිතය බේරගන්න තමන්ටම කරගන්න පුළුවන් දේවල් මොනවහරි තියෙනවද?

    ReplyDelete