Friday, November 9, 2012

තවත් කරවලෙක් - මුදු කරවලා Sri Lankan Krait


Elapidae කුළයේ  Elapinae කියන උප කුළයට අයිති කරවල්ලු දෙන්නෙක් ශ්‍රී ලංකාවෙන් හමුවෙනවා. මෙයාලගෙන් එක්කෙනෙක් තමයි මීට කලින් දවසේ අපි කතා කරපු තෙල් කරවලා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ අනිත් කරවලා ගැන. මෙයා තමයි මුදු කරවලා. මෙයත් උග්‍ර විෂ තියෙන සර්පයෙක්.  
මුදු කරවලා අපේ රටට ආවේනික සර්පයෙක්. Bungarus ceylonicus ceylonicus සහ Bungarus ceylonicus karavala කියලා උප විෂේශ දෙකක් මෙරට ජීවත් වෙනවා.
 මේ සර්පයා බහුලව හම්බු වෙන්නේ තෙත් සහ අතරමැදි කලාප වලින් Bungarus ceylonicus ceylonicu කියන උප විෂේශය බලංගොඩ, පේරාදෙනිය, මතුගම,මහනුවර, රත්නපුර, ප්‍රදේශ වලින් වාර්තා වෙලා තිබුනත් Bungarus ceylonicus karavala කියන උප විෂේශය හම්බුවෙලා තියෙන්නේ කදුකර ප්‍රදේශ වලින් විතරයි.
 මේ සර්පයාට තියෙන්නේ මධ්‍යම ප්‍රමාණයේ සිලින්ඩරාකාර ශරීරයක්. ගෙල පැහැදිලිව ශරීරයෙන් වෙන් වෙලා නෑ. මෙයාට තියෙන්නේ කුඩා ඇස් වගේම කෙටි වලිගයක්.
මුදු කරවලාගේ ශරීරය අදුරු දුඹුරු පාටයි.  ලා පැහැති වලලු ශරීරය පුරා තියෙනවා. Bungarus ceylonicus ceylonicus උප විෂේශයේ වලලු දකින්න පුලුවන් වර්ධනය වූ සතුන්ගේ විතරයි. හිස පිටුපස සුදු පාටයි.  යටි පැත්ත ක්‍රීම් පාටයි. තද පාට පටි දැක ගන්න පුලුවන්. Bungarus ceylonicus karavala ගේ හිස පිටුපස වැඩි කොටසක් සුදු පාටයි. වර්ධනය වූ විට හිස කලු පාට වෙනවා.
 මුදු කරවලා කියන්නේ උග්‍ර විෂ තියෙන සර්පයෙක්.  සපා කෑ ස්ථානය තදින් ඉදිමෙනවා. සර්ප දෂ්ඨනයෙන් පසු  හුස්ම ගැනීම අපහසු වෙනවා. දිව එලියට දැමීම අපහසු වෙනවා. ඇතැම් වෙලාවට කථා කරන්නත් අපහසු වෙනවා. මේ සර්පයාගේ දෂ්ඨනයක් සිදුවූ විගසම නිවරදි ප්‍රථමාධාර ලබා දීම සිදුකර වහාම නිවරදි වෛද්‍ය ප්‍රථිකාර සදහා රෝගියා යොමු කරන්න ඕනි.  නැත්නම් මරණය වුවත් සිදු වෙන්න පුලුවන්.
මුදු කරවලා නිශාචර සර්පයෙක් හින්දා දවල් කාලයට ඉන්නේ කොළ රොඩු යට හැංගිලා. සමහර වෙලාවට පසේ තියෙන කුහර තුළ දිවා කාලය ගත කරනවා. මෙයත් භෞමික  සර්පයෙක් ඒ කියන්නේ ගොඩබිම ජීවත් වෙන සර්පයෙක්.
මුදු කරවලත් තෙල් කරවලා වගේම කුපිත කිරීමකින් තොරව වුවත් පහර දීමට පෙළඹෙනවා.
Bungarus ceylonicus ceylonicus සෙන්ටිමීටර 80 ත්150 ක් පමණ දිගකටත් Bungarus ceylonicus karavala සෙන්ටිමීටර 70 ක් පමණ දිගකටත් වැඩෙනවා.
මේ සර්පයා විෂ රහිත කුඩා සර්පයින්, මීයන්, ගෙම්බන්, හූනන්, සිකනලුන් කටුස්සන් වැනි සතුන් තම ආහාරය වශයෙන් ගන්නවා.
 මුදු කරවලා   Sri Lankan Krait
ජායාරූපය- www.srilankanreptiles.com වෙබ් අඩවියෙනි.