Friday, December 16, 2011

සර්පයින් වර්ගීකරණය

අද අපි කතා කරන්න යන්නේ සර්පයින් වර්ගීකරණය ගැනයි. ජෛව විද්‍යාත්මක වර්ගීකරණයට අනුව සර්පයින් Animalia රාජධානියේ (kingdom) Chodata  සත්ත්ව වංශයට (phylum) අයත් වෙනවා.  Chodata  වංශයේ  Vertibratae  නම් උප වංශයේ (sub phylum) Reptilia නම් වර්ගයට (class) සර්පයින් නැවත වර්ගීකරණය කරන්න පුලුවන්.
Reptilia වර්ගය Anapsida, Lepidosauria හා Archosauria ලෙසට උප වර්ග (sub class) තුන කට බෙදෙන අතර සර්පයින් අයත් වන්නේ Lepidosauria උප වර්ගයටයි.
Lepidosauria උප වර්ගය නැවත Rhynchocephalia සහ Squmata  ලෙසට නැවත ගෝත්‍ර (order)  දෙකකට බෙදන්න පුලුවන්. මින් Squmata ගෝත්‍රය Sauria,Amphisbaenia හා Serpentes ලෙසින් උපගෝත්‍ර (sub order)  තුනකට වර්ග කරන්න පුලුවන්. සර්පයින් අයත් වන්නේ Serpentes උපගෝත්‍රයටයි.
Serpentes උපගෝත්‍රයට අයත් කුළ (family) 11 සර්පයින් මෙරටදී හමුවේ. මේවා තමයි ලංකාවේ සර්පයින් අයත් වෙන කුළ වශයෙන් හදුනාගෙන තියෙන්නේ,
Family Acrochordidae
Family Boidae 
Family Colubridae 
Family Cylindrophiidae 
Family Elapidae 
Family Homalopsidae 
Family Natricidae 
Family Pythonidae 
Family Typlopidae 
Family Uropeltidae 
Family Viperidae


Kingdom
Animalia
Phylum
Chodata
Sub Phylum
Vertibratae
Class
Reptilia
Sub Class
Lepidosauria
Order
Squmata
Sub Order
Serpentes




Tuesday, October 18, 2011

සර්පයින්ගේ සංවේදන හැකියාව


සමාවෙන්න ඕනි ගොඩක් කාලෙකින් පෝස්ට් එකක් දාන්න බැරි වෙච්ච එකට, ඉතින් අද සර්පයින්ගේ සංවේදන හැකියාව ගැන ටිකක් කතා කරන්න හිතුනා. සංවේදන හැකියාව කිව්වහම අද කතා කරන්න යන්නේ සර්පයින්ගේ ඇස, කණ  වගේ ඉන්ද්‍රියන් ගැන කියලා කට්ටියට තේරෙනවනේ ඉතින් නේ.
අපිට නම් ඉතින් කන් දෙකක්ම තිබ්බට මොකෝ, අවට ඇති ශබ්ද හදුනා ගන්න බාහිර පරිසරයට විවර වූ කන් සර්පයින් සතුව ‌නෑ. ඒ හින්දා වාතයත් එක්ක මිශ්‍ර වෙච්ච ශබ්ධ තරංග ග්‍රහනය කර ගැනීමට ඔවුන්ට ‌හැකියාවක් නෑ. ඔය කියන්නේ ඉතින් සර්පයින්ට කන් ඇහෙන් නෑ කියලනේ. ඒ වුනාට තමන් සිටින පෘෂ්ඨය දි‌ගේ පැමි‌නෙන ශබ්ද තරංග මගින් තමන් සිටින පරිසරය පිළිබ‌ඳ අව‌බෝධයක් ළබා ගැනීමේ හැකියාව ‌මොවුන්ට ඇත. මෙයාලා 200-500Hz වැනි අඩු සංඛ්‍යාත වලට සං‌වේදී‌යිලුනේ.
කන් නැති උනාට මොකද මෙයාලට හොද තියුණු ඇස් දෙකක් තියෙනවා. ඒ උනාට මෙයාලට අපිට වගේ ඇස් වටා ඇසි පිය නම් නැහැ. ඒ නිසාස් පරිසරයට නිරාවරණය වි පවතී. ‌මෙම නිසා ඇස් වලට සිදුවන හානි අවම කර ගැනීම ස‌‌ඳහා විනිවිද ‌පෙ‌නෙන ‌කොර‌පොතිතකින්ස් ආවරණය වෙලා තමයි පවතින්නේ.
කොච්චර තියුනු ඇස් දෙකක් මෙයාලට තිබුනත් බො‌‌හෝ සර්පයින්ට වර්ණ හදුනාගැනී‌මේ හැකියාවක් ‌නොමැත. ‌භෞමික සර්පයින්ට (Terrestrial) පැහැදිලිව ළග බලාගත හැකි අතර වෘක්ශවාසී සර්පයින්ට (Arboreal) වැඩි දුරක් පැහැදිලිව දැකගන්න පුලුවන්. (සර්පයෝ ජීවත්වෙන පරිසරය අනුව වර්ග කිරීම පිළිබද විස්තර ඉදිරියේදී ගෙන එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා) ඒ විතරක් නෙමෙයි වෘක්ශවාසී සර්පයින්ට ‌ ත්‍රිමා‌නේක්ෂ දෘෂ්ටියක්ද තියෙනවා කියලා විද්‍යාඥයෝ සොයා‌ගෙන තියෙනවා. ඇතැම් මුහුදු සර්පයින් ආ‌ලෝකයට සං‌වේදී ‌වේ.
‌සර්පයින්ගේ ඇ‌සේ කලු ඉංගිරියාව දිවාකල රවුමට පිහිටන  අතර රාත්‍රී කාල‌යේදී සෘජුව පිහිටයි.  එහෙනම් තවත් දවසක හමුවෙමුකෝ....

Friday, September 16, 2011

සර්පයින්ගේ පොදු ලක්ෂණ (2)

ගොඩක් කාලෙකට පස්සේ අද බ්ලොග් එක පැත්තේ ආවා..එදා අපි සර්පයින්ගේ පොදු ලක්ෂණ ගැන ටිකක් විතර කතා කලානේ, අද තවත් ටිකක් ඒ ගැන කතා කරමු.
සර්පයින්ට කශේරුකාවක් සහ කපාලයක් සහිත අස්තිමය සැකිල්ලක්  පිහිටා තියෙනවා. ඒ වගේම දේහයේ එක් කෙලවරක පැහැදිලිව සංවිධානය වූ හිසක් තිබීමත් පොදු ලක්ෂණයක් විදිහට සලකන්න පුලුවන්.  සර්පයින් සංචරනයේ යෙදෙන්නේ උපස්තරයට සමාන්තරව දේහය නමා ගෙනයි. සර්පයෝ බඩ ගා ගෙන යනවයි කියලනේ ඔය කියන්නේ..
දේහයට පිටතින් සම මත කොරල වැස්මක් තිබීමත්, ග්‍රන්ථි රහිත වියළි සමක් තිබීමත් මෙම සත්ව කාණ්ඩයට පොදු ලක්ෂණ ලෙස හදුන්වන්න පුලුවන්.
අපිට නම් කුටීර හතරක හදවතක් තිබුනට සර්පයින්ට තියෙන්නේ  කුටීර තුනකින් යුක්ත හෘදයක්. ඒ වගේම එයාලගේ හෘදයේ වම් සහ දකුණු සංස්ථානික වක්‍ර පිහිටනවා.  අපිට වගේම සංවෘත රුධිර සංසරණයක් තමා එයාලටත් තියෙන්නේ.
සර්පයින්ගේ සංවේදන අවයව, ඒ කියන්නේ බාහිර පරිසරයෙන්   තොරතුරු ලබා ගන්නා ඉන්ද්‍රියන්, විදිහට ඇස්, නාසය, සම සහ දිව හදුන්වන්න පුලුවන්.
ජම්බාලි විවරය ශරීරයේ පසුපස කොටසේ හරස් අතට පිහිටා තිබීම මෙම සත්ව කාණ්ඩයට පොදු ලක්ෂණයක්.  ඒ වගේම සර්පයෝ කියන්නේ චලතාපී සතුන් කොට්ඨාශයක්.
අන්ඩජ මෙන්ම අන්ඩ ජලාබුජ යන ආකාර දෙකෙන්ම  සර්පයින්ගේ බෝවීම සිද්ධවෙනවා. අන්ඩජ කියන්නේ බිත්තර වලින් පැටවු බෝවීම කියලා ඔයාලා දන්නවා ඇතිනේ. අන්ඩ ජලාබුජ කියන්නේ අර්ධ ලෙස විකසනය වෙච්ච පැටවු බිහිකරනවයි කියන එකනේ.පිඹුරා තමයි අන්ඩ ජලාබුජ ලෙසට පැටවු බිහි කිරීම සිදු කරන්නේ. 
 ඔන්න එහෙනම් අද සර්පයින්ගේ පොදු ලක්ෂණ ගොඩක් කතා කලා...මෙතන තියෙන ගොඩක් දේවල් ඔයාලා දැනටමත් දන්න ඒවා නම් තරහ වෙන්න එපා. වැරදි තියෙනවා නම් ඒවත් කියන්න... ආයෙත් දවසක හමුවෙමුකෝ...

Friday, August 26, 2011

සර්පයින්ගේ පොදු ලක්ෂණ (1)

අද අපි සර්පයින්ට පොදු වූ ලක්ෂණ ටිකක් ගැන කතා කරමු. මේ ගැන ගොඩක් කතා කරන්න තියෙනවා, අද ඒකෙන් ටිකක් මම ඔයාලට විස්තර කරන්නම්...සර්පයින්‌ ‌බො‌හෝ විට සිලින්ඩරාකාර දිගටි ශරීර දරයි. හිස‌ගෙල හා ශරීරය යන ‌කොටස් දරන නමුත් ‌බො‌හෝ විට ඒවා පැහැදිලිව ‌වෙන් වී ‌නොමැත. අපර භාගය ක්‍රම‌යෙන් සිහින් වී වලිගය සෑදී ඇත. ශරීරය පුරා ‌කොරළ පිහිටා ඇත. හිසද ‌කොරළ වලින් වැසී ඇත. ග්‍රන්ථි රහිත වියළි සමකි දරයි. ඇතැම් සර්පයින් තම බාහිර ආවරනය (හැව) කළකට වරක් ඉවත් කිරීම සිදු කරයි.
‌මොවුන්‌ගේ ප්‍රධාන ආහාර ‌ලෙස මීයන් හූනන් වැනි කුඩා ක්ෂීරපායින් මත්සයින් ‌ගෙම්බන් උභය ජීවීන් කුඩා කෘමීන් දැක්විය හැක.
‌මොවුන්  මාංශ  භක්ශක  වි‌ලෝපිකයින්  ‌‌වේ. ‌‌ගොදුරු අල්වා ගැනී‌මේදී  සමහ‌රෙක් විෂ භාවිතා කරයි.  සමහ‌රෙක් ‌ගොදුරු වටා ‌වෙලා ‌ගෙන ‌ගොදුර අ ක්‍රිය කිරීම සිදු කරයි.
ආහාරයට ගැනීමට ‌පෙර ‌මොවුන් ‌ගොදුර අ ක්‍රිය කරයි. පරණවූ‌ගොදුරු ආහාරයට ගැනීම ප්‍රිය ‌නොකරයි.
උඩ හනු‌වේ දත් පිහිටා ඇත. වක්වූ දත් හා මාංශ ‌පේශි වලින් යුත් මුඛය ඔවුන්‌ගේ ප්‍රමාණයට වඩා විශාල ‌ගොදුරු ආහාරයට ගැනීමට උපකාර‌‌වේ. රසායනික සංඥා ‌ගොදුරු අල්වා ගැනීමට උපකාර‌‌වේ.
සමහර සර්පයින් ලිංගික ද්විරූපතාව ‌පෙන්වයි.  ප්‍රජනනය අණ්ඩජ හා අණ්ඩ ජලාබුජ ‌ලෙස ආකාර ‌දෙකකි. ඇතැම් වි‌ශේෂ බිත්තර රුකීම සිදුකරයි. බිය වූ විට ‌හෝ තර්ජනය කළ විට ‌බො‌‌හෝ සර්පයින් ‌වේග‌යෙන් පලා යයි. ඇතැ‌මෙක් පහර ‌දෙයි. සමහරක් ශරීරය සඟවාගන්නා අතර හිස පමණක් සඟවා ගන්නා සර්ප වි‌ශේෂ ද ඇත. අදට මේ ටික මතක තියා ගන්නකෝ, මේ ගැන තවත් තොරතුරු අරගෙන ආයෙත් දවසක හමුවෙමු...

Saturday, August 20, 2011

ශ්‍රී ලංකාවේ සර්ප විවිධත්වය

එදා ලංකාව ගැන කතා කලා මතකයිනේ, අද අපි ලංකාවේ සර්ප             විවිධත්වය ගැන කතා කරමු. ලංකාව තුළ කුළ (families) 11 කට ගණ (genus) 48 කට අයත් සර්ප වි‌ශේෂ 101 ක් පමණ හමු‌වේ. ‌මේ අතරින් වි‌ශේෂ 46  ක් පමණ ‌මෙරටට ආ‌වේණික ‌වේ.                                                                                                                  
‌මෙරටට ආ‌වේණික ‌ගණක්ද ආ‌වේණික උප වි‌‌ශේෂ 10 ක්ද                ලංකා‌වෙන් හමු‌වේ. මේ අනුව ගත් කල ශ්‍රී ලංකාවේ ආවේනික සර්ප         විෂේශ ප්‍රතිශතය මෙරට වෙසෙන මුලු සර්පයින්ගෙන් 45.5% වැනි ඉහල අගයක්.                                                                                         
අවශිෂ්ඨ වි‌‌ශේෂ (ආදි කල්පිත යුග වලට අයත් ‌වෙනස් කම් වලට            භාජනය ‌නොවී අද දක්වා ජීවත් වන වි‌ශේෂ. ) ‌මෙරටින් හමු වීම ‌මෙරට සර්ප විවිධත්වය ඉහළ දැමීමට ‌හේතු වී ඇත.                                         
ලංකාව තුළ සර්පයින් ජීවත් ‌වෙන පරිසරය අනුව ප්‍රධාන කාණ්ඩකට    වර්ග කළ හැක.
පාංශු වාසී (Fossorial) ,‌  භෞමික(Terrestrial) , රුක්වාසී (Arboreal),       ජලජ වාසී (Aquatic)                                                                             
 මෙන්න මම ශ්‍රී ලංකාවේ සර්පයෝ ගැන සාරාංශයකුත් දැම්මා...              

ශ්‍රී ලංකාවේ සර්ප ව්‍යාප්තිය

කුළය
ගණ සංඛ්‍යාව
විෂේශ සංඛ්‍යාව
ආවේනික විෂේශ සංඛ්‍යාව
ආවේනික උප විෂේශ සංඛ්‍යාව
ආවේනික විෂේශ ප්‍රතිශතය
Acrochordidae

1
1
0
0
0
Boidae
1
1
0
1
0
Colubridae
14
30
9
4
30%
Cylindrophiidae
1
1
1
0
100%
Homalopsidae
3
3
0
0
0
Natricidae
6
12
9
1
75%
Pythonidae
1
1
0
0
0
Typlopidae
2
10
8
0
80%
Uropeltidae
4
15
14
1
93%
Viperidae
4
7
4
0
57%
Elapidae





      sub family      Elapinae
3
5
1
3
20%
     sub family  Hydrophiinae
7
14
0
0
0
      sub family  Laticauinae
1
1
0
0
0
එකතුව
48
101
46
10
45.5%