Saturday, June 9, 2012

සර්ප විෂ



සර්ප විෂ කියන්නේ විෂ ග්‍රන්ථි වලින් නිපද‌වෙන ද්‍රාවනයක්. ‌මෙහි වියළි බරින් 90% ක් විතර ප්‍රමාණයක්ම තියෙන්නේ ‌ප්‍රෝටීන. මේ ප්‍රෝටීන අතරින් බහුතරය එන්සයිම. ‌සර්ප විෂ කියන්නේ ඉතා සංකීර්ණ ද්‍රාවනයක්.  ‌මෙහි තියෙන විවිධ සංඝඨක විවිධ ප්‍රතික්‍රියාවන් සිදු කරනවා. ‌මෙය ‌බො‌හෝ විට ජලයට වඩා ඝනත්ව‌යෙන් වැඩි කහ දුඹුරු වර්ණ‌යෙන් යුක්ත ද්‍රාවනයකි. 

‌සර්ප විෂ තුළ අඩු අනුක භාරයක් සහිත ‌‌පොලි‌පෙප්ටයිඩ අඩංගු ‌වෙනවා. ‌ විද්‍යාඥයින් විසින් ‌මේ වන විට ‌‌සර්ප විෂේ අඩංගු එන්සයිම වර්ග 30 ක් පමණ සොයා‌ගන්න සමත් වෙලා තියෙනවා. ඒවා අතර ‌ප්‍රෝටි‍‌යස් හයලු‌රොනි‌ඩේස් ‌පොසි‌පෙලි‌පේස් ඊස්ට‌රේස් නියුක්ලි‌යෝටයි‌ඩේට් ‌ලෙසිති‌නේස් ප්‍රධාන ‌වේ.

ශරීරයට හානි සිදු කරන ආකාරය අනුව විෂ ප්‍රධාන වර්ග 6 කට ‌බෙදා දැක්විය හැක.

1.   Haematoxins

රුධිර සංසරණ පද්ධතියට හානි කරයි.

2.   Neurotoxins

ස්නායු පද්ධතියට හානි කරයි.

3.   Nphrotoxins

බහිස්‍රාවී පද්ධතියට හානි කරයි.

4.   Cardiovascular toxins

හෘදයට හානි කරයි.

5.   Myotoxins

‌පේශි පද්ධතියට හානි කරයි

6.   Endocrine toxins

අන්තරාසර්ග(‌හෝ‌මෝන) පද්ධතියට හානි කරයි.


Haematoxins වල රුධිරය කැටි ගැසීම වළක්වන එන්සයිම වර්ග අඩංගු ‌‌වෙනවා. එම නිසා රුධිරය කැටි ගැසීමට ගතවන කාලය වැඩි ‌කරනවා. සමහර සංඝඨක රතු රුධිරානු වල ‌ෙ‌සෙල පටල විනාශ කරනවා.

Neurotoxins වල තියෙන  Phospholipase A2  කියන සංඝඨකය ස්නායු අන්තයන් වලට හානි කරනවා. ඒ වගේම ස්නායු සම්‌ප්‍රේශකයක් වන ඇසිටයිල් ‌කෝලින් නිදහස් කිරීමට බාධාකරලා උපාංගමය හරහා ආ‌වේග සම්‌‌‌ප්‍රේශණයට බාධා පමුනුවනවා. ‌මෙහි අඩංගු සමහර සංඝඨකයන් ‌මොළ‌යේ ක්‍රියාකාරිත්වය ‌වෙනස් කිරීමට සමත් වන බව ‌සොයා‌ගෙන තියෙනවා.

   Nphrotoxins වකුගඩු අක්‍රිය කිරීම සිදු කරනවා.  මෙම වි‌ෂෙහි තියෙන ‌ප්‍රෝටි‌යේස් මගින් සපා කෑ ස්ථාන‌යේ බාහිර පටක විනා ශ කරනවා.

කළළ අවස්ථා‌වේ දී පවා සර්පයින් සතුව විෂ පවතින නිසා සපා කෑ සර්පයා කුඩා අ‌යෙකු වුනත් සපා කෑ විගසම නිසි ප්‍රථිකාර ගැනීම කරන්න ඕනි. සර්ප විෂ වලින් මිනිසාට හානි සිදුවෙනවා වාගේම එයින් අපි ලබා ගන්න වාසිත් ගොඩක් තියෙනවා. ඒවා ගැනත් ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා.


8 comments:

  1. නියමයි අපේ පැත්තෙත් ඇවිල්ල යන්න

    ReplyDelete
  2. වටින වැඩක් සහෝ දිගටම කරගෙන යමු......

    ReplyDelete
  3. hugak hoda wadak malliye.digatama liyanna. moka dakkath ahinsaka sarpayo marala danawa. aka handa me aya wadawela yannath puluwan.kawoth marena tharam visa sarpayo apitath unnatath haniyak nowena widihata bara denna thanak thiyanawada.

    ReplyDelete
  4. hugak hoda wadak malliye.digatama liyanna. moka dakkath ahinsaka sarpayo marala danawa. aka handa me aya wadawela yannath puluwan.kawoth marena tharam visa sarpayo apitath unnatath haniyak nowena widihata bara denna thanak thiyanawada.

    ReplyDelete
  5. යසිරු, උදාර, පියුමි, දීපාල් බොහෝම ස්තූතියි යාලුවනේ...

    ReplyDelete
  6. @ piyumi-ow akke den sarpayanta thiyena pradanama anthura thamai, hema sarpayekma wisai kayala eyalawa marala dana eka.meka godak welwata wenne nodenuwath kama nisa.Dehiwala zoo ekta sarpayo bara denna puluwan.

    ReplyDelete