Saturday, May 19, 2012

සර්පයින්ගේ විෂ ග්රින්ථි හා විෂ දළ


අපි මේ දවස්වල කතා කරන්නේ සර්පයින් අයත් වෙන කුළ ගැන වුනත් එක දිගටම ඒ ගැන කතා කරන එකත් කම්මැලි නිසා අද මම හිතුවා ටිකක් වැදගත් මාතෘකාවක් වෙන සර්පයින්ගේ විෂ  ග්‍රන්ථි හා විෂ දළ ගැන කතා කරන්න. අපේ බොහෝ දෙනෙක් සර්පයින්ට බය වෙන්නේ සර්පයින්ගේ විෂ දළ නිසානේ.

සර්පයින්‌ගේ විෂ නිපදවන්‌නේ හි‌සෙහි ඇසට පිටුපසින් පිහිටලා තියෙන ග්‍රන්ථි තුළයි. ‌මෙම ග්‍රන්ථි ප්‍රධාන  ආකාර ‌දෙකක් තියෙනවා.

(1)        ඩුව‌නොයි  (Duvernoy gland)

(2)        සත්‍ය විෂ ග්‍රන්ථි ‌(Venom gland)

මෙම ග්‍රන්ථි තියෙන්නේ මාංශ ‌‌‌පේශි  වලින් ආවරණය වෙලයි. අවශ්‍ය වෙලාවට  ග්‍රන්ථී සං‌කෝචනය කරලා විෂ නිකුත් කිරීම මාංශ ‌පේශි මගින් සිදු‌‌ වෙනවා.

‌ ඕනෑම සර්පයෙක් ගොදුරට ‌හෝ සතුරාට විශ නිකුත් කරනු ලබන්‌නේ විෂ දළ මගිනි. සර්පයා දෂ්ඨ කරන වෙලාවට විෂ ග්‍රන්ථි තුළ තියෙන විෂ, නාළයක් ඔස්‌සේ පිටතට ඇවිල්ලා ගොදුරට ඇතුලු වෙනවා. විෂ රහිත සර්පයින් සතුව දළ ‌නොපිහිටියත් දත් පිහිටලා තියෙනවා. දළ වල පිහිටීම හා ස්වාභාවය අනුව  සර්පයින් ප්‍රධාන කොටස් හතරකට වර්ග කරනවා.

Aglypha

දළ පිහිටා නැත. දත් හා තද හකු ඇත. විෂරහිතයි.

Opisthoglypha

පිටුපසින් පිහිටි ‌කෙටි දළ ඇත. සුලු විෂ සහිතයි. 

Proteroglypha

පූර්ව‌යේ පිහිටි දළ ඇත. ( නයා, කරවලා, මුහුදු නයින්)

Solenoglypha

පූර්ව‌යේ පිහිටි  ‌සෙළවිය  හැකි දළ ඇත.( තිත් ‌පොළගා)


විෂ ග්‍රන්ථි හා විෂ දළවල පිහිටීම