Thursday, July 26, 2012

උග්රපතම විෂ සහිත සර්පයින් අයිති වෙන Family Elapidae


අපි පසුගිය දවස් වල කතා කරමින් හිටියේ සර්පයින් අයිත් වෙන කුළ ගැනනේ ඉතින් අද මම හිතුවා ටිකක් වැදගත් සර්ප කුළයක් ගැන කතා කරන්න‍. ඒ තමයි සර්පයින් අතරින් උග්‍රතම විෂ සහිත සර්පයින් අයිති වෙන Elapidae කියන සර්ප කුළය. අපි කවුරුත් හොදටම දන්න නයා, කරවලා වගේම  උග්‍ර විෂක් තියෙන මුහුදු නයින් අයිත් වෙන්නෙත් මේ කුළයටයි.
මේ කුළය Elapinae,Hydrophiinae, Laticauinae ලෙසට ප්‍රධාන උප කුළ (sub families) තුනකට බෙදෙනවා .  
Elapinae උපකුළයට ගොඩබිම වෙසෙන කරවලුන් හා නාගයින් අයත් වෙනවා. ගොඩබිම හමුවන උග්‍රතම විෂ සහිත සර්පයින් පස්දෙනා අතරින් තුන්දෙනෙක්, ඒ කියන්නේ නයා (Naja naja), තෙල් කරවලා ( Bungarus caeruleus) , මුදු කරවලා (Bungarus ceylonicus) මෙම උප කුළයට අයත් වෙනවා. මෙම උප කුළයට අයත් සර්පයින් අතරින් විෂේශ දෙකක් මෙරටට ආවේනිකයි.
Hydrophiinae උප කුළයට අයිති වෙන්නේ මුහුදු නයින්. මෙම උප කුළයට අයති සර්ප විෂේශ 13 පමණ අපේ රටින් හමුවන අතර ඔවුන් සියල්ලක්ම උග්‍ර විෂ සහිත ජලජ සර්පයින් වේ.
 Laticauinae උප කුළයට අයිති සර්පයින් අතරින් තොළ කහ මුහුදු නයා (Laticauda colubrine)මෙරටින් වාර්තා වෙනවා. මෙයාලා වෙරලාසන්නයේ ජීවත් වෙන. උග්‍ර විෂ සහිත සර්ප විෂේශයක්.
තොළ කහ මුහුදු නයා (Laticauda colubrine)