Sunday, September 10, 2017

මුහුදේ වෙසෙන තවත් සර්පයෙක් - වයිරන් මුහුදු නයා

වයිරන් මුහුදු නයා හෙවත් ඉංග්‍රීසි භාෂාවෙන් Annulated Sea Snake හෝ Blue-Banded Sea Snake යනුවෙන් හදුන්වන මෙම මුහුදු සර්පයා උග්‍ර විෂ සහිත සර්පයෙකි. ශ්‍රී ලංකාව හැරුනු විට ඉන්දියන් සාගරයේ පිහිටා ඇති බංගලාදේශය, ඉන්දියාව, පකිස්ථානය, මියන්මාරය., තායිලන්තය වැනි රටවලින් මෙන්ම පර්සියන් ගල්ෆ් වෙරළ තීරය  හා දකුණු චීන මුහුදු වෙරළ තීරය ආශ්‍රිතව හමුවේ.
ශ්‍රී ලංකාවේ උතුරු බටහිර නැගෙනහිර වෙරළබඩ ආශ්‍රිතව වෙසේ. මන්නාරම කුමන පානම වැල්ලවත්ත මීගමුව පුත්තලම කළුතර ආදී ප්‍රදේශ වලින් හමුවී ඇත. Hydrophis cyanocinctus යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වන මෙම සර්පයා Elapidae කුළයට අයත් වෙන අතර මේ ආකාරයට වැඩි දුරටත් වර්ගීකරණය කරනු ලබයි.
ශරීරයේ කලු පාට පටි  දැකිය හැක
වයිරන් මුහුදු නයා

Kingdom :   Animalia 
Phylum : Chordata
Class :  Reptilia
Order : Squamata
Suborder :  Serpentes
Family :  Elapidae
Genus :  Hydrophis

මධ්‍යම ප්‍රමානයේ  ශරීරයක් දරන මෙම සර්පයාගේ හිස කුඩා වන අතර ශරීරයෙන් පැහැදිලිව වෙන්ව නැත. කොළ පාටට හුරු කහ පාට ශරීරයේ කලු පාට පටි ඇතැම් විට දැකිය හැක.
ඉතා ආක්‍රමණශීලී සර්පයෙකු වන අතර  උග්‍ර විෂ සහිතයි. 120- 170 cm පමණ දිගකට වැඩේ. මත්සයින් හා මුහුදේ ඇති දෑ ආහාරයට ගනී.


හිස කුඩා වන අතර ශරීරයෙන් පැහැදිලිව වෙන්ව නැත
Hydrophis cyanocinctus ගේ හිස

වයිරන් මුහුදු නයා

ශරීරයේ කලු පාට පටි  දැකිය හැක

සියලුම ඡායාරූප - https://alchetron.com වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.

1 comment:

  1. ස්තූතියි... සවිස්තරාත්මක ලිපියක්

    ReplyDelete