Tuesday, October 18, 2011

සර්පයින්ගේ සංවේදන හැකියාව


සමාවෙන්න ඕනි ගොඩක් කාලෙකින් පෝස්ට් එකක් දාන්න බැරි වෙච්ච එකට, ඉතින් අද සර්පයින්ගේ සංවේදන හැකියාව ගැන ටිකක් කතා කරන්න හිතුනා. සංවේදන හැකියාව කිව්වහම අද කතා කරන්න යන්නේ සර්පයින්ගේ ඇස, කණ  වගේ ඉන්ද්‍රියන් ගැන කියලා කට්ටියට තේරෙනවනේ ඉතින් නේ.
අපිට නම් ඉතින් කන් දෙකක්ම තිබ්බට මොකෝ, අවට ඇති ශබ්ද හදුනා ගන්න බාහිර පරිසරයට විවර වූ කන් සර්පයින් සතුව ‌නෑ. ඒ හින්දා වාතයත් එක්ක මිශ්‍ර වෙච්ච ශබ්ධ තරංග ග්‍රහනය කර ගැනීමට ඔවුන්ට ‌හැකියාවක් නෑ. ඔය කියන්නේ ඉතින් සර්පයින්ට කන් ඇහෙන් නෑ කියලනේ. ඒ වුනාට තමන් සිටින පෘෂ්ඨය දි‌ගේ පැමි‌නෙන ශබ්ද තරංග මගින් තමන් සිටින පරිසරය පිළිබ‌ඳ අව‌බෝධයක් ළබා ගැනීමේ හැකියාව ‌මොවුන්ට ඇත. මෙයාලා 200-500Hz වැනි අඩු සංඛ්‍යාත වලට සං‌වේදී‌යිලුනේ.
කන් නැති උනාට මොකද මෙයාලට හොද තියුණු ඇස් දෙකක් තියෙනවා. ඒ උනාට මෙයාලට අපිට වගේ ඇස් වටා ඇසි පිය නම් නැහැ. ඒ නිසාස් පරිසරයට නිරාවරණය වි පවතී. ‌මෙම නිසා ඇස් වලට සිදුවන හානි අවම කර ගැනීම ස‌‌ඳහා විනිවිද ‌පෙ‌නෙන ‌කොර‌පොතිතකින්ස් ආවරණය වෙලා තමයි පවතින්නේ.
කොච්චර තියුනු ඇස් දෙකක් මෙයාලට තිබුනත් බො‌‌හෝ සර්පයින්ට වර්ණ හදුනාගැනී‌මේ හැකියාවක් ‌නොමැත. ‌භෞමික සර්පයින්ට (Terrestrial) පැහැදිලිව ළග බලාගත හැකි අතර වෘක්ශවාසී සර්පයින්ට (Arboreal) වැඩි දුරක් පැහැදිලිව දැකගන්න පුලුවන්. (සර්පයෝ ජීවත්වෙන පරිසරය අනුව වර්ග කිරීම පිළිබද විස්තර ඉදිරියේදී ගෙන එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා) ඒ විතරක් නෙමෙයි වෘක්ශවාසී සර්පයින්ට ‌ ත්‍රිමා‌නේක්ෂ දෘෂ්ටියක්ද තියෙනවා කියලා විද්‍යාඥයෝ සොයා‌ගෙන තියෙනවා. ඇතැම් මුහුදු සර්පයින් ආ‌ලෝකයට සං‌වේදී ‌වේ.
‌සර්පයින්ගේ ඇ‌සේ කලු ඉංගිරියාව දිවාකල රවුමට පිහිටන  අතර රාත්‍රී කාල‌යේදී සෘජුව පිහිටයි.  එහෙනම් තවත් දවසක හමුවෙමුකෝ....