Tuesday, September 4, 2012

අපි කවුරුත් හොදින් හදුනන සර්පයෙක්- නයා Indian Cobra/ Spectacled Cobra


පසුගිය දවසක බ්ලොග් එක පැත්තේ ආපු අයිය කෙනෙක් කියලා තිබුනනේ ලංකාවෙ ඉන්න විෂ තියෙන සර්පයෝ ගැන ඉදිරිපත් කලොත් හොදයි කියලා, ඉතින් අද මම හිතුවා අපේ රටේ ගොඩබිමින් හමුවෙන උග්‍ර විෂ සහිත සර්පයින් පස් දෙනාගෙන් වැඩිපුරම අපිට හම්බු වෙන නයා ගැන පොඩ්ඩක් කතා කරන්න.
නයා එහෙමත් නැත්නම් නාගයා ( Indian Cobra/ Spectacled Cobra) 
කියන්නේ Elapidae කුළයේ  Elapinae කියන උප කුළයට අයිත් උග්‍ර විෂ තියෙන සර්පයෙක්නේ. Naja naja  තමයි මෙයාගේ විද්‍යාත්මක නම. නයා ලංකාවේ සෑම දේශගුණික කලාපයකම වගේ දැක ගන්න පුලුවන්. මේ සර්පයාගේ ශරීරය  දිගයි සිලින්ඩරාකාරයි.
අපි හැමෝම වගේ දන්න විදිහට නයා අනෙකුත් සර්යින්ගෙන් වෙන්කර හදුනාගන්න පුලුවන් පැහැදිලි හිසක් තියෙනවා.  මධ්‍යම ප්‍රමාණයේ හිස පැතලියි. මෙම හිස “පෙනය‍  (hood)  කියලා හදුන්වනවා.  හිස ගෙලින් පැහැදිලිව වෙන්වෙලා තියෙනවා.  ඒ වගේම හිසේ අඩ කවයක් ආකාරයට කලු පාට පැල්ලමක් තියෙනවා.  මේ පැල්ලම සිංහල“ප අකුරේ හැඩය ගන්නවා.  සමහර නාගයිනන්ගේ මේ පැල්ලම පැහැදිලිව දිස් වුනත්ඇතැම් සර්පයින්ගේ  මෙම සළකුණ එතරම් පැහැදිලි නෑ.
නයාට මධ්‍යම ප්‍රමාණයේ ඇස් තියෙනවා.ඒ වගේම  මධ්‍යම ප්‍රමාණයේ නාස් පුඩුත් මෙයාලගේ දැක ගන්න පුලුවන්.

අපේ රටින් විවිධ ශරීර වර්ණ දරන නාගයින් හමුවුනත්  බොහෝ විට  තද දුඹුරු පාටට හුරු කලු පාට ශරීර අතිනාගයින් බහුලව දැක ගන්න පුලුවන්.  ඇතැම් නාගයින් ලා දුඹුරු පාටක් ගන්නවා.  ශරීරය පුරා සුදු පාට සහ දුඹුරු පාට මිශ්‍රව පවතිනවා. ඒ විතරක් නෙමෙයි සුදු පාට නාගයින්ද ලංකාවෙන් වාර්තා වෙනවා.  
අපි කවුරුත් දන්න විදිහට නයා උග්‍ර විෂ සහිතයි.  සර්ප දෂ්ඨනයෙන් අපේ රටේ සිදුවන මරණ වැඩි සංඛ්‍යාවකට හේතුවෙනවා.   නාගයින්ට ශරීරයේ පුර්වයේ පිහිටි දළ  පිහිටනවා.
 නයා කියන්නේ අපි කවුරුත් හොදින් දන්න සර්පයෙක්නේ, ඒ නිසාම මෙයා ගැන කතා කරන්න තව ගොඩක් දේවල් තියෙනවා. ඒව ගැන කතා කරන්න අපි තවත් දවසක හමු වෙමුකෝ.

7 comments:

  1. ගොජාක් වටින ලිපියක් අපේ පැත්තෙත් ඇවිල්ල යන්නකෝ

    ReplyDelete
  2. ‍බොහොම ස්තූතියි... ඔන්න මම ගිහිල්ලා බැලුවා. ගොඩක් ‍‍හොද ලිපි පෙලක්...

    ReplyDelete
  3. හප්පේ මෙන්න නයෙක්............ මම නම් හරිම බයයි සර්පයෝන්ට. ලංකාවට ආවහම රෑට එලියට යන්නේ දණහිස ලඟට බූට් දාගෙන.
    http://chithula.blogspot.com/

    ReplyDelete
  4. Godaak honda wadak Rishan..!! Godak denekuta meken wadagath dewal danaganna puluwan.
    Lankaawe ugra wisha aya 5 denai inne (goda bima). Wisha rahitha aya godaa innawa. Eyalagen nithara dakinna labena tika denek ganath wisthara kiyanna puluwan nam hondai. eyalawa dakkama andunaganna widiya. Mokada ape minissu sarpayek dakka gaman maranna hadanawa. ei nisa kisima wisak nathi ahinsaka sarapayoth marenawa.

    ReplyDelete
  5. thank you very much samu..!!! ow samu mama issrhta anek sarpyo genath wisthra danna hithgena innwa.

    ReplyDelete
  6. නියම බ්ලොග් එකක් මේක නම් ගොඩක් දේවල් දැනගත්තා බොහොම ස්තූතියි

    ReplyDelete
  7. නයා සහ හැපින්න පැහැදිලිව අඳුරගන්න ක්‍රමයක් තියෙනවද

    ReplyDelete