Kingdom: Animalia
Phylum: Chordata
Class: Reptilia
Order: Squamata
Suborder: Serpentes
Family: Colubridae
Subfamily: Colubrinae
Genus: Boiga
ශ්‍රී ලංකාවේ මීටර් 1500 කට වඩා අඩු පහත්
බිම් වලත් අසල්වැසි ඉන්දියාවේ බටහිර ප්‍රදේශ
වලත් (Western Ghats) මේ සර්පයාව
දැක ගන්න පුලුවන්. මධ්‍යම ප්‍රමාණයේ ශරීරයක් දරන නිදි මාපිලා අඩි හතරක් පමණ දිගකට
වර්ධනය වෙනවා. හිස පැහැදිලිව ගෙලෙන් වෙන් වෙලා තියෙනවා. විශාල ප්‍රමාණයේ ඇස් මෙන්ම
ඒ තුළ පිහිටි තිරස් කනිණිකාවක්ද දැක ගන්න පුලුවන්. පූසෙකුගේ ඇසට සමාන මේ පිහිටීම
නිසා Cat Snake යන නම මේ
සර්පයාට ලැබෙන්න ඇතැයි හිතන්න පුලුවන්.
ශරීරය අලු පැහැයට හෝ දුඹුරු පාටට හුරු
පැහැයක් ගන්නා අතර තද දුඹුරු කලු පැහැයට හුරු විශාල තිත් ශරීරය පුරා විසිරී
පවතිනවා . බද ප්‍රදේශයේදී මේ තිත් ප්‍රමාණයෙන්
විශාල වෙනවා. හිසේ පිහිටා තියන මිනිස් පෙනහැල්ලක හැඩැති කලු පැල්ලමද මුඛය දෙපස සිට
ඇස් හරහා දිවෙන තද දුඹුරු කලු රේඛාවද මේ සර්පයා හදුනා ගන්න උදව් වෙනවා.
නිශාචර සර්පයෙක් වෙන නිදි මාපිලා ඉතාමත්
කලාතුරකින් දිවා කල දැක ගන්න
පුලුවන්.පදුරු ආශ්‍රිතව දිවි ගෙවන මේ සර්පයා හූනන් මීයන් වැනි සතුන් දඩයම සදහා
මිනිස් වාසස්ථාන වලටද පැමිනෙනවා.
තදින් කුපිත වූ අවස්තාවල ශරීරයේ ඉදිරි පෙදෙස
දගරයක් ආකාරයට සකස් කරගෙන වලිගයද සොලවමින් සපා කෑමට පනිනවා. වලිගයෙන් ගස්වල එල්ලී
සිටීමේ හැකියාවද මෙයාට තියෙනවා.
මධ්‍යම ප්‍රමාණයේ විෂ සහිත(mildly venomous) සර්පයෙක්
වෙන නිදි මාපිලා සතුව Ophisthoglyphous ආකාරයේ විෂ
දල පිහිටා තිබෙනවා. වැඩුනු ගැහැනු සර්පයෙක් පෙබරවාරි අප්‍රේල් අතර කාල වලදී වරකට
බිත්තර 5 ත් 15ත් අතර සංඛ්‍යාවක් දැමීම සිදු කරනවා. වර්ධනය වූ පිරිමි සතුන් සාමාන්‍යයෙන්
ගැහැනු සතෙකුට වඩා ප්‍රමාණයෙන් විශාල වෙනවා. නිදි මාපිලා ආහාර ලෙසට මීයන්
කුරුල්ලන් හූනන් දඩයම් කිරීම සිදු කරනවා.
නිදි මාපිලා දෂ්ඨ කළ පසු රෝගියා නින්දේදීම මිය
යන බවට මිත්‍යා විශ්වාසයක් ඇතැම් මිනිසුන් තුළ පවතිනවා. මොහු නිශාචර සර්පයෙක්
නිසා රාත්‍රියට ක්රියාශිලී වෙනවා. එනිසා මිනිසුන්ට පහර දීම්ද සිදු වෙන්නෙත් රාත්‍රි
කාලයටයි. නමුත් නින්දේදී මියයන මතය පදනම් විරහිතයි.
| තදින් කුපිත වූ අවස්තාවල ශරීරයේ ඉදිරි පෙදෙස දගරයක් ආකාරයට සකස් කරගන්නවා. |
| වලිගයෙන් ගස්වල එල්ලී සිටීමේ හැකියාවද නිදි මාපිලා සතුයි. |
(ඡායාරූප http://en.wikipedia.org වෙබ්
අඩවියෙනි)










.jpg)
.jpg)
.jpg)