Saturday, February 15, 2014

ලේ මාපිලා.. (Forsten's Cat Snake)

 ශ්‍රී ලංකාවේ ගොඩක් මිත්‍යා කතා වලට පදනම් වෙච්ච සර්පයෙක් ගැන තමයි අද කතා කරන්න යන්නේ. මේ සර්පයාව ලේ මාපිලා / නාග මාපිලා එහෙමත් නැත්නම් කබර මාපිලා කියලා හදුන්වනවා. ඉංග්‍රීසි භාෂාවෙන් Forsten's Cat Snake කියලා හදුන්වන මෙයාගේ විද්‍යාත්මක නම Boiga forsteni. (Dumeril, Bibron & Dumeril, 1854)
ඒ වගේම මෙයාව මෙන්න මේ විදිහට විද්‍යාත්මකව වර්ගීකරණය කරන්න පුලුවන්.



ලේ මාපිලා /Boiga forsteni දුඹුරු පාට
ලේ මාපිලා /Boiga forsteni දුඹුරු පාට

Kingdom:  Animalia
Phylum:     Chordata
Class:         Reptilia
Order:        Squamata
Suborder:  Serpentes
Family:      Colubridae
Subfamily:      Colubrinae
Genus:          Boiga
ලංකාව හැරුනු කොට නේපාලය , ඉන්දියාව, වගේ රට වලදීත් මෙයාව දැක ගන්න පුලුවන්.
ශ්‍රී ලංකාවේ කන්නෙලිය සිංහරාජය අකුරැස්ස කුමන මින්නේරිය  වගේ පහතරට තෙත් අතරමැදි මෙන්ම වියළි කලාප වලින්ද වාර්තා වෙලා තියෙනවා.
පැහැදිලි ත්‍රිකෝණාකාර හිසක් දරන මෙයාගේ ශරීරය සිහින් දිගටි එකක්. හිස පැහැදිලිව ගෙලෙන් වෙන්වෙලා තියෙනවා.
 පූසෙකුගේ මෙන් විශාල ඇස් පිහිටනවා ඇසේ මැද සිරස්  කණිනිකාවක් පිහිටලා තියෙනවා. විවිධ වර්ණයෙන් යුක්ත නිදර්ශක හමුවී ඇත. දුඹුරු හෝ අලු පැහැයට හුරු ශරීරයේ කලු හෝ සුදු පාට පැල්ලම් දකින්න පුලුවන්. සමහර විට කහ තැඹිලි වර්ණ දරන අතර රතු පාට හරස් ඉරි දැක ගන්න පුලුවන්. බඩ පැත්ත සුදු හෝ ලා කහ පාටින් යුක්තයි.
සිහින් දිගු තියුනු කෙලවරක් සහිත වලිගයක් මේ සර්පයාගේ දැක ගන්න පුලුවන්.
නාග මාපිලා මද විෂ සර්පයෙක්. Ophisthoglyphous ආකාරයේ දළ දැක ගන්න පුලුවන්. මොහුගේ දෂ්ඨනය මාරාන්තික නොවුවත් දෂ්ඨ කල ස්ථානය ඉදිමීම, වේදනාවක් ඇතිවීම වගේ ලක්ෂණ පෙන්නුම් කරන්න පුලුවන්.
නිශාචර රැක්ෂවාසී සර්පයෙක් වෙන නාග මාපිලා දිවා කාලෙට ගස් බෙන ආදී ස්ථාන වල හැංගිලා ඉදලා රාත්‍රියට ක්‍රියාශීලි වෙනවා. බිය වුනාම දගර ගැසිලා වලිගය හකුලා සපා කෑමට පනිනවා.
සෙමින් සංචරණය කරන මේ සර්පයා බොහෝ විට මිනිස් වාසස්ථාන වලට ඇතුලු වූ අවස්ථා වාර්ථා වෙනවා.
බිත්තර මගින් පැටවුන් බෝ වීම සිදු වෙනවා. වැඩුනු සතුන් අගෝස්තු සැප්තැම්බර් වගේ කාල වලදී වරකට බිත්තර 5ත් 10ත් අතර සංඛ්‍යාවක් දමනවා කියලා හොයාගෙන තියෙනවා.
මෙයා මීටර 1.5- 2 ක් දිගකට වැඩෙනවා.
ලේ මාපිලා කුඩා ක්ෂීරපායින් කුරුලු බිත්තර ගෙම්බන් හිකනලුන් මීයන් ආදී සතුන් ආහාරයට ගන්නවා.
ලේ මාපිලන්  හත් ‌දෙ‌නෙකු රාත්‍රියට ඇවිල්ලා  වහ‌ලේ එල්ලිලා  නිදා ගෙන ඉන්න පුද්ගලයින්‌ගේ පාද‌යේ මහපට ඇගිල්ල සිදුරු කර ‌ලේ උරා බොනවා කියලා ගොඩක් ගම්බද පුද්ගලයින් විශ්වාස කරනවා. ‌ ලේ උරා බිබ්වට පස්සේ ‌ලේ හිඟවීම නිසා අදාල පුද්ගලයා නින්‌දේදීම මිය යනවා කියලත් එයාලා හිතාගෙන ඉන්නවා. 
මේක සම්පූර්ණයෙන්ම මිත්‍යා මතයක්,‌ලේ මාපිලාට එම නම පටබැදෙන්න උ‌ගේ ශරීර වර්ණය දායක වන්නට ඇතැයි හිතන්න පුලුවන්.  ලේ මාපිලා සතුව තියෙන පරිග්‍රාහී වලිගය නිසා යමක එල්ලී සිටී‌මේ හැකියාව තිබුනත් ලේ උරා බීමක් සිදු කරන්නේ නෑ. ඒ විතරක් නෙමෙයි ‌ලේ උරා ‌බොන කිසිදු සර්ප‌යෙක් ලංකාව තුළින් මෙතෙක් වාර්තා වෙලත් නෑ.
ලේ මාපිලා /Boiga forsteni රතු පාට
ලේ මාපිලා /Boiga forsteni රතු පාට
ලේ මාපිලා /Boiga forsteni කලු පාට
ලේ මාපිලා /Boiga forsteni කලු පාට

                                (ඡායාරූප www.superstock.com www.srilankanreptiles.com)

15 comments:

  1. ලේ උරා බොන කතාවන නම් මාත් අහලා තියෙනවා ස්තුතියි දැනුවත් කරාට

    අපිත් එක්කත් එකතු වෙන්න sinhalahelp.com

    ReplyDelete
  2. watina lipiyak - pin

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි...

      Delete
  3. වැදගත් ලිපියක් ....ඇතැම් ප්‍රදේශවල මේ සර්පයා 'හබරලා' ලෙසද හදුන්වනවා. මොවුන් යුගල් වශයෙන් ජීවත් වන බව පැවසෙනවා.( වැරදි නම් නිවැරදි කරන්න)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි... ඔව් මාත් හබරලා කියලට සර්පයෙක් හදුන්වනවා කියලා නම් අහලා තියෙනවා. ඒත් ඒ කියන්නේ මෙයාටද කියලනම් මම හරියටම දන්නේ නෑ..

      Delete
  4. ඔබේ ලිපිය වැදගත්. මොහු මද විෂ සර්පයෙක් ලෙස දක්වා නැහැ. කරුණාකර එය නිවැරදි කළහොක් මේ අහිසංකයාව නිකරුණේ මරා දැමීම වළක්වා ගන්නට පුළුවන් යැයි මා සිතනවා.

    ReplyDelete
  5. Mata tawa sarpayo gana wisthara danaganna puluwanda mn eyala wenuwen onema deyak karanawa Dan mn laga *pala polagek innawa
    tawa waligaya thuwala wunu *ahatullek innawa
    mn me satthu gana poth hoyanawa puluwan nm mata teyena than kiyanna
    0778217123

    ReplyDelete
  6. Mata tawa sarpayo gana wisthara danaganna puluwanda mn eyala wenuwen onema deyak karanawa Dan mn laga *pala polagek innawa
    tawa waligaya thuwala wunu *ahatullek innawa
    mn me satthu gana poth hoyanawa puluwan nm mata teyena than kiyanna
    0778217123

    ReplyDelete
  7. ඉතාම වැදගත් විස්තරයක්.බොහෝම ස්තුතියි..

    ReplyDelete
  8. මන් ආසම සර්පයා ලෙ මාපිලා

    ReplyDelete
  9. අම්මො ඇති යම්තම් එක ගැන දැනගත්තා

    ReplyDelete
  10. අම්මො බය හිතෙනවානේඑ

    ReplyDelete
  11. සතා දැකලා විස්තර හොයනකොට මේක හම්බ උනේ අඩි හයකට හෝ පහකට ආසන්න සතෙක් මෑතකදි හම්බ උනා

    ReplyDelete
  12. බොහොම ස්තූතියි

    ReplyDelete