ශ්‍රී ලංකාවේ මුහුදු මට්ටමින් 1000m දක්වා වූ තෙත් අතරමැදි හා වියළි කලාප වලින් මේ සර්පයා හමු වෙලා තියෙනවා. ඉංගීසි භාෂාවෙන් කියලා හදුන්වන මේ සර්පයාව විද්‍යාත්මකව හදුන්වන්නේ Coelognathus Helena (Daudin, 1803) කියලය්. මෙයාව මෙන්න මේ විදිහට ජෛවවිද්‍යාත්මකව වර්ගීකරණය කරන්න පුලුවන්.
Trinket
Snake |
Phylum: Chordata
Class: Reptilia
Order: Squamata
Suborder: Serpentes
Family: Colubridae
Subfamily: Colubrinae
Genus: Coelognathus
ලෝකය පුරා විශේෂයෙන්ම ඉන්දියාවේ මෙයාලගේ උප විෂේශ දෙකක් ජීවත් වෙනවා කියලා සදහන් වෙනවා.
Coelognathus helena helena
Coelognathus helena monticollaris (Collard Trinket Snake)
කොහොම උනත් මේ දෙවෙනියට සදහන් කල විෂේශය ඉතාමත් කලාතුරකින් ඉන්දියාවේ කදුකර ප්‍රදේශ වලින් හමුවෙන බව තමයි වාර්තා වෙන්නේ.
කටකලුවා මධ්‍යම ප්‍රමානයේ ශරීරයක් දරන තරමක් සිහින් සර්පයෙක්. කෙටි වලිගයක් තියෙන මේ සර්පයාට පැහැදිලි ගෙලක් පිහිටා තියෙනවා. ඒ වගේම තරමක් විශාල ඇස් වල තද කලුපාට විශාල කනිනිකාවක් පැහැදිලිවම දැක ගන්න පුලුවන්. සෙන්ටිමීටර 80 -120 පමණ දිගකට වර්ධනය වෙනවා.
දුඹුරුපාටට හුරු ශරීරයේ මැද ප්‍රදේශයේ කලු පාට ඉරක් පිහිටලා තියෙනවා. වැඩුනු සර්පයින් තද දුඹුරු පාටයි.
කොහොම උනත් මේ සර්පයත් විෂ රහිත සර්පයෙක් විදිහට හදුන්නලා දෙන්න පුලුවන්. මෙයා බය වුනාම ප්‍රධාන වශයෙන්ම වේගයෙන් පලා යෑම සිදු කරනවා. එහෙම බැරි වුනොත් වලිගය වනමින් ශරීරයේ පූර්ව කොටස ඉහලට කරලා මුඛය විවෘත කර පහර දීමට පෙළඹෙනවා. ඒ වගේ වෙලාවට ශරීරයේ ඉහල කොටස S හැඩයට සකස් වෙලා තියෙනවා බලා ගන්න පුලුවන්. සපා කෑ ස්ථානය ඉදීමීමකට ලක්වෙන්න පුලුවන්, ඇතැම් විටක රුධිර වහනයක් වුනත් සිද්ධ වෙන්න පුලුවන්.
කට කලුවාගේ මුඛය විවෘත කලාම කලු පාටින් යුක්තයි. මේ හින්දා මේ සර්පයාට එම නම ලැබෙන්න ඇතැයි කියලා විශ්වාස කරන්න පුලුවන්.
මේ සර්පයා දිවා රාත්‍රී දෙකටම ක්‍රියාශීලී වෙන භෞමික වාසී සර්පයෙක්. ගස් හා පදුරු ආශිතව දැක ගන්න පුලුවන්. තද නියග කාලවලදී ගස් බෙන හා ගුල් වල හැංගිලා ඉන්නවා. ඉතාම වේගවත් සංචරන හැකියාවක් කටකලුවා සතුව පවතිනවා, බොහෝවිට ජෝඩු වශයෙන් හමුවේ. ගැහැණු සතුන් පිරිමි සතුන්ට වඩා දිගින් වැඩියි.
ගෙම්බන් කුරුල්ලන් හිකනලුන් වගේ සත්තු තමයි මෙයාලා වැඩිපුර ආහාරයට ගන්නේ.
පැටවු බෝ වීම බිත්තර මගින් සිද්ධ වෙනවා. ගැහැනු සතෙක් වරකට බිත්තර 3ත් 12ත් අතර සංඛ්‍යාවක් දානවා . දින 70ත් 90ත් අතර කාලයකට පසුව බිහිවෙන පැටවු 200-250mm අතර දිගකින් යුකුත වෙනවා.
කට කලුවාගේ මුඛය විවෘත කලාම කලු පාටින් යුක්තයි. |
කටකලුවා මිනිසුන්ට දෂ්ඨ කලාට පස්සේ අසල තියෙන ගසකට නගින බවත් රෝගියා මිය යන තෙක් ගස උඩට වෙලා ඉදලා රෝගියා මියගියාට පස්සේ පසු ගසෙන් බැහැලා යනවා කියලත් සමහර අය විශ්වාස කරනවා. මේක මිත්‍යා මතයක්, කලිනුත් කිව්වා වගේ කටකලුවා මිනිසෙකුට මරණය ගෙන දීමට තරම් විෂ තියෙන සර්පයෙක් නෙමෙයි. භෞමික හා අර්ධ ලෙස රුක්වාසියෙකු වෙන මේ සර්පයා බොහෝ වෙලාවට ගස් උඩ නම් දැක ගන්න නම් පුලුවන්.
ශ්‍රීලන්කාවෙන් පිටත සර්පයින් ගැනත් දැනුවත් කිරීම්ක් කලහැකිනම් වටී..එයට මතර මුහුදේ වාසය කරන සර්පයින් ගැනද තොරොතුරු ලබාදෙන්න..අගනා ලිපි මාලවකට ස්තුතිය සහ ප්‍රනාමය
ReplyDeleteවටින වැඩක්
ReplyDeletehelpfull
ReplyDelete