Saturday, October 20, 2012

කෑවොත් මරණය-තෙල් කරවලා Common Indian Krait


අපි කවුරුත් හොදින් හදුනන ලංකාවේ ඉන්න උග්‍ර විෂ තියෙන සර්පයෙක් වෙන නයා ගැන එදා කතා කලානේ, ඉතින් අදත් අපි කතා කරන්න යන්නේ අපේ රටේ හම්බුවෙන තවත් උග්‍ර විෂ තියෙන සර්පයෙක් වෙන තෙල් කරවලා එහෙමත් නැත්නම් සමහර අය මගමරුවා (Common Indian Krait)  කියලා හදුන්වන සර්පයා ගැන. මේ සර්පයා Elapidae කුළයේ  Elapinae කියන උප කුළයට අයිති වෙනවා. මෙයාගේ විද්‍යාත්මක නම Bungarus caeruleus.
තෙල් කරවලා පහතරට වියළි කලාපයේ සහ අතරමැදි කලාප වල බහුලව හමුවෙනවා. අනුරාධපුර, බලංගොඩ, නාච්චදූව, මින්නේරිය, කතරගම, නකල්ස්, පුත්තලම, කුරුණෑගල ආදී ප්‍රදේශ වලින් මෙම සර්පයා හමුවූ බව වාර්තා වෙලා තියෙනවා.
 මේ සර්පයා මධ්‍යම ප්‍රමාණයේ සිලින්ඩරාකාර ශරීරයක් දරනවා. ගෙල ශරීරයෙන් පැහැදිලිව වෙන්වෙලා නෑ. කලු පාට කෙටි වලිගයක් තියෙනවා. කලු පාට ශරීරය පුරා සුදු පාට වලලු පිහිටනවා. මේක තමයි මේ සර්පයා හදුනාගන්න තියෙන ප්‍රධානතම ලක්ෂණය. මෙයාලගේ යටි පැත්ත සුදු පාටයි.
 හිස දෙපස කුඩා ඇස් පිහිටනවා.
කලිනුත් කිව්වා වගේ මෙයා උග්‍ර විෂ සහිත සර්පයෙක්.  තෙල් කරවලෙකුගේ දෂ්ඨනයෙන් පස්සේ සපා කෑ ස්ථානය තදින් ඉදිමෙනවා. සර්ප දෂ්ඨනයෙන් පසු  හුස්ම ගැනීම අපහසු වෙනවා. දිව එලියට දැමීම වගේම කථා කරන්නත් අපහසු වෙනවා. තෙල් කරවලෙකුගේ දෂ්ඨනයක් සිදුවූ විගසම නිවරදි ප්‍රථමාධාර ලබා දීම සිදුකර වහාම නිවරදි වෛද්‍ය ප්‍රථිකාර සදහා රෝගියා යොමු කරන්න ඕනි.  නැත්නම් මරණය වුවත් සිදු වෙන්න පුලුවන්.
තෙල් කරවලා කියන්නේ නිශාචර සර්පයෙක්. දිවා කල කොළ රොඩු යට සහ පසේ කුහර තුළ  වෙසෙනවා. භෞමික  සර්පයෙක්.
කුපිත කිරීමකින් තොරව වුවත් පහර දීමට පෙළඹීමේ ස්වාභාවයක් මේ සර්පයා තුළින් දකින්න පුලුවන්.
වැඩුනු තෙල් කරවලෙක් සෙන්ටිමීටර 80 ත් 150 ක් පමණ දිගකට වැඩෙනවා.
මීයන්, ගෙම්බන්, හූනන්, සිකනලුන් විතරක් නෙමෙයි වෙනත් නිර්විෂ කුඩා සර්පයින්ද මෙයාලා ආහාර වශයෙන් ගන්නවා..

16 comments:

  1. සුදු පාට වළලු පිහිටන්නෙ මුදු කරවලාගෙ නේද?...

    ReplyDelete
  2. මුදු කරවලාගේත් සුදු පාට වලලු තියෙනවා. ඒත් හොදින් පැහැදිලි වලලු දැක ගන්න පුලුවන් වෙන්නේ තෙල් කරවලාගේ තමයි.

    ReplyDelete
    Replies
    1. අමිල උපතිස්නApril 17, 2015 at 4:46 AM

      නෑ තෙල් කරවලාට වඩා මුදු කරවලාගේ වලලු පැහැදිලිව පේනවා.
      තෙල් කරවලා කියලා නම් කරලා තියන රූපයේ ඉන්නේ තෙල් කරවලෙක් නෙවෙයි.

      Delete
    2. අදාළ සතාගේ පින්තුර දාන්න. නැතනම් මේක බලන මිනිස්සු නොමග යනවා

      Delete
    3. Yes. This is not Thel Karavala .

      Delete
    4. මේක වැරදියි , උඹ කරවල්ලු දෙන්නා මාරු කරගන

      Delete
  3. හ්ම්ම්ම් ඔන්න ඩයල් එක මතක තියාගත්තා කියන්න හැබැයි පාරේදී අහුවෙන්න එහෙම එපා කියල අහු උනොත් බඩුම තමයි.
    http://chithula.blogspot.com/

    ReplyDelete
  4. මේකා කෑවම නේද විනාඩි 20ක් ඇතුලත රෝහලකට ගෙනාවේ නැත්තන් sorry.com කියන්නේ

    ReplyDelete
  5. අපේ ගෙදර දවසක් හිටියා බඩු.

    ReplyDelete
  6. එතකොට මුදු කරවලාගෙත් තියනොනේ ඇගේ මුදුවගේ

    ReplyDelete
  7. මේ ලිපියේ වැරදි තියෙනවා.
    1. රූපයේ ඉන්නේ තෙල් කරවලෙක් නෙවේ. තෙල් කරවලාගේ එක ළඟ සිහින් මුදු දෙක බැඟින් තියෙන්නේ. මේ ඉන්න සතා මුදු කරවලෙක්ට සමානයි. ඒත් මුදු කරවලෙකුත් නෙවේ ද කොහෙද. ලංකාවේ නැති many banded krait කෙනෙක් වගේ.
    2. කලුපාට ශරීරයේ සූදු පාට වළලු පිහිටන එක නෙවේ හඳුනාගැනීමේ ප්‍රධාන ලක්ෂණය. ඒ වර්ණ රටාව තියෙන නිර්විෂ සර්පයෝ ගොඩක් ඉන්නවා. උදාහරණ විදියට ගැට රදනකයා, අළු රදනකයා, කබර රදනකයා, දාර රදනකයා පෙන්වා දෙන්ඩ පුළුවන්. හඳුනාගැනීමේ ප්‍රධානම ලක්ෂණය තමයි පිට දිගට වැටිලා තියෙන ශඩශ්‍රාකාර කොරල පේලිය. ඒක තමයි කරවලුන් දෙන්නා රදනකයින්ගෙන් වෙන් කරගන්ඩ තියෙන නොවරදිනම ලක්ෂණය.අනික තමා කරවලුන් දෙන්නම ලොකු වෙද්දී ඉරි මැකෙනවා.
    3.සපා කාපු ස්ථානය තදින් ඉදිමෙන්නේ නෑ. කරවල් දෂ්ටනයකදී ස්ථානීය රෝග ලක්ෂණ හඳුනාගත නොහැකියි හෝ අවම යි.

    ReplyDelete
  8. Me photo eke inne lankawe karawala neme.lankawe karawalage niwaradi photo ekak pala karana men illa sitinawa.oya inne 'bangarus multicinctus'.godak aya meka dakkama me photo save karagannawa.ethakota gedarakata sarpayek awama eyalata a sarpayawa niwaradiwa ID karaganna ba

    ReplyDelete
  9. අද අපෙ ගෙදරටත් ආවා

    ReplyDelete