Friday, November 9, 2012

තවත් කරවලෙක් - මුදු කරවලා Sri Lankan Krait


Elapidae කුළයේ  Elapinae කියන උප කුළයට අයිති කරවල්ලු දෙන්නෙක් ශ්‍රී ලංකාවෙන් හමුවෙනවා. මෙයාලගෙන් එක්කෙනෙක් තමයි මීට කලින් දවසේ අපි කතා කරපු තෙල් කරවලා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ අනිත් කරවලා ගැන. මෙයා තමයි මුදු කරවලා. මෙයත් උග්‍ර විෂ තියෙන සර්පයෙක්.  
මුදු කරවලා අපේ රටට ආවේනික සර්පයෙක්. Bungarus ceylonicus ceylonicus සහ Bungarus ceylonicus karavala කියලා උප විෂේශ දෙකක් මෙරට ජීවත් වෙනවා.
 මේ සර්පයා බහුලව හම්බු වෙන්නේ තෙත් සහ අතරමැදි කලාප වලින් Bungarus ceylonicus ceylonicu කියන උප විෂේශය බලංගොඩ, පේරාදෙනිය, මතුගම,මහනුවර, රත්නපුර, ප්‍රදේශ වලින් වාර්තා වෙලා තිබුනත් Bungarus ceylonicus karavala කියන උප විෂේශය හම්බුවෙලා තියෙන්නේ කදුකර ප්‍රදේශ වලින් විතරයි.
 මේ සර්පයාට තියෙන්නේ මධ්‍යම ප්‍රමාණයේ සිලින්ඩරාකාර ශරීරයක්. ගෙල පැහැදිලිව ශරීරයෙන් වෙන් වෙලා නෑ. මෙයාට තියෙන්නේ කුඩා ඇස් වගේම කෙටි වලිගයක්.
මුදු කරවලාගේ ශරීරය අදුරු දුඹුරු පාටයි.  ලා පැහැති වලලු ශරීරය පුරා තියෙනවා. Bungarus ceylonicus ceylonicus උප විෂේශයේ වලලු දකින්න පුලුවන් වර්ධනය වූ සතුන්ගේ විතරයි. හිස පිටුපස සුදු පාටයි.  යටි පැත්ත ක්‍රීම් පාටයි. තද පාට පටි දැක ගන්න පුලුවන්. Bungarus ceylonicus karavala ගේ හිස පිටුපස වැඩි කොටසක් සුදු පාටයි. වර්ධනය වූ විට හිස කලු පාට වෙනවා.
 මුදු කරවලා කියන්නේ උග්‍ර විෂ තියෙන සර්පයෙක්.  සපා කෑ ස්ථානය තදින් ඉදිමෙනවා. සර්ප දෂ්ඨනයෙන් පසු  හුස්ම ගැනීම අපහසු වෙනවා. දිව එලියට දැමීම අපහසු වෙනවා. ඇතැම් වෙලාවට කථා කරන්නත් අපහසු වෙනවා. මේ සර්පයාගේ දෂ්ඨනයක් සිදුවූ විගසම නිවරදි ප්‍රථමාධාර ලබා දීම සිදුකර වහාම නිවරදි වෛද්‍ය ප්‍රථිකාර සදහා රෝගියා යොමු කරන්න ඕනි.  නැත්නම් මරණය වුවත් සිදු වෙන්න පුලුවන්.
මුදු කරවලා නිශාචර සර්පයෙක් හින්දා දවල් කාලයට ඉන්නේ කොළ රොඩු යට හැංගිලා. සමහර වෙලාවට පසේ තියෙන කුහර තුළ දිවා කාලය ගත කරනවා. මෙයත් භෞමික  සර්පයෙක් ඒ කියන්නේ ගොඩබිම ජීවත් වෙන සර්පයෙක්.
මුදු කරවලත් තෙල් කරවලා වගේම කුපිත කිරීමකින් තොරව වුවත් පහර දීමට පෙළඹෙනවා.
Bungarus ceylonicus ceylonicus සෙන්ටිමීටර 80 ත්150 ක් පමණ දිගකටත් Bungarus ceylonicus karavala සෙන්ටිමීටර 70 ක් පමණ දිගකටත් වැඩෙනවා.
මේ සර්පයා විෂ රහිත කුඩා සර්පයින්, මීයන්, ගෙම්බන්, හූනන්, සිකනලුන් කටුස්සන් වැනි සතුන් තම ආහාරය වශයෙන් ගන්නවා.
 මුදු කරවලා   Sri Lankan Krait
ජායාරූපය- www.srilankanreptiles.com වෙබ් අඩවියෙනි.

14 comments:

  1. මේ කරන වැටේ රත්තරන්
    අපිට ඔයාව ෆලෝ කරන්න ෆලෝවර්ස් ගැජට් එක දාන්න මල්ලි

    ReplyDelete
  2. bohoma stuthi ayye..onna mama followers gadget eka demma..

    ReplyDelete
  3. well done mchn..ths is a nice site learned alot....

    ReplyDelete
  4. හප්පේ අදමයි මේ පැත්තේ ගොඩ උනේ පෞද්ගලිකව මම සර්පයන්ට අකමැතියි මහා අසික්කිත හිරිකිත සත්තු විශේෂයක්. කොහොම උනත් උන්ගැන දැනුම ලබාදෙන වැඩේනම් ගොඩක් හොඳයි. ඔන්න ආයෙම එන්න පාර මම මතක තියාගත්තා. අයෙමත් එන්නම් කෝ මේ ඉසව්වේ රාජකාරි කොරන්නේ මමනේ වලව්වටත් ගොඩවැදිලා ගියෝතින් හොඳා..........
    http://chithula.blogspot.com/

    ReplyDelete
  5. බොහොම ස්තූතියි...ඔන්න මමත් ඒ පැත්තේ ඇවිත් ගියා..

    ReplyDelete
  6. http://snakelanka.blogspot.com/2012/10/common-indian-krait.html

    මම හිතන් හිටියේ මේකා තමා මුදු කරවලා කියලා.මෙකගේනේ වැඩිපුර මුදු තියෙන්නේ

    මම ටෙක්නික්ස් Blog එකේ විශ්වජිත්

    ReplyDelete
  7. අමිල උපතිස්සApril 17, 2015 at 4:59 AM

    Bungarus ceylonicus ceylonensis ලෙසට විද්‍යාත්මක නාමය වෙනස් වෙන්න ඕන. ඒ වගේම එම විශේෂයේ වර්ධනය වූ සතුන්ගේ විතරක් වලලු දකින්න පුළුවන් කියන කථාව වැරදියි. එම සතුන් වර්ධනය වූ විට එම වලලු දැකගත නොහැකි තරම් නොපෙනී යනවා. මුදු කරවලා කියන මාතෘකාව යටතේ පලකරලා තියන පින්තූරයේ ඉන්නේ ඒ උප විශේෂයේ තරමක් වැඩුන සතෙක්.

    (මෙම ලිපි පෙළ ඉතාමත් වටිනා ලිපි පෙළක්. ඔබගේ උත්සහය ඉතාමත් අගය කරනවා.. )

    ReplyDelete
    Replies
    1. ඔව්ව් ඔයා හරි... මේකෙ පොඩි පොඩි වැරදි මාත් දැක්කා... අනික මුදු කරවලාගෙ දේහයේ මුදු පැහැදිලිවම දකින්න පුලුවන් මේ අය කුඩා කාලයේ. වයස්ගත උනාම තමා මේ වළලු ටිකක් පැහැදිලි නැති වෙන්නෙ... ඔයාගෙ අදහසට මාත් එකගයි

      Delete
  8. වැරදියි මේ තෙල් කරවලෙක්

    ReplyDelete
  9. I found same kind snake. But not sure exactly who is that.

    ReplyDelete
  10. What are we suppose to do if we found this type of snake?

    ReplyDelete