Friday, August 26, 2011

සර්පයින්ගේ පොදු ලක්ෂණ (1)

අද අපි සර්පයින්ට පොදු වූ ලක්ෂණ ටිකක් ගැන කතා කරමු. මේ ගැන ගොඩක් කතා කරන්න තියෙනවා, අද ඒකෙන් ටිකක් මම ඔයාලට විස්තර කරන්නම්...සර්පයින්‌ ‌බො‌හෝ විට සිලින්ඩරාකාර දිගටි ශරීර දරයි. හිස‌ගෙල හා ශරීරය යන ‌කොටස් දරන නමුත් ‌බො‌හෝ විට ඒවා පැහැදිලිව ‌වෙන් වී ‌නොමැත. අපර භාගය ක්‍රම‌යෙන් සිහින් වී වලිගය සෑදී ඇත. ශරීරය පුරා ‌කොරළ පිහිටා ඇත. හිසද ‌කොරළ වලින් වැසී ඇත. ග්‍රන්ථි රහිත වියළි සමකි දරයි. ඇතැම් සර්පයින් තම බාහිර ආවරනය (හැව) කළකට වරක් ඉවත් කිරීම සිදු කරයි.
‌මොවුන්‌ගේ ප්‍රධාන ආහාර ‌ලෙස මීයන් හූනන් වැනි කුඩා ක්ෂීරපායින් මත්සයින් ‌ගෙම්බන් උභය ජීවීන් කුඩා කෘමීන් දැක්විය හැක.
‌මොවුන්  මාංශ  භක්ශක  වි‌ලෝපිකයින්  ‌‌වේ. ‌‌ගොදුරු අල්වා ගැනී‌මේදී  සමහ‌රෙක් විෂ භාවිතා කරයි.  සමහ‌රෙක් ‌ගොදුරු වටා ‌වෙලා ‌ගෙන ‌ගොදුර අ ක්‍රිය කිරීම සිදු කරයි.
ආහාරයට ගැනීමට ‌පෙර ‌මොවුන් ‌ගොදුර අ ක්‍රිය කරයි. පරණවූ‌ගොදුරු ආහාරයට ගැනීම ප්‍රිය ‌නොකරයි.
උඩ හනු‌වේ දත් පිහිටා ඇත. වක්වූ දත් හා මාංශ ‌පේශි වලින් යුත් මුඛය ඔවුන්‌ගේ ප්‍රමාණයට වඩා විශාල ‌ගොදුරු ආහාරයට ගැනීමට උපකාර‌‌වේ. රසායනික සංඥා ‌ගොදුරු අල්වා ගැනීමට උපකාර‌‌වේ.
සමහර සර්පයින් ලිංගික ද්විරූපතාව ‌පෙන්වයි.  ප්‍රජනනය අණ්ඩජ හා අණ්ඩ ජලාබුජ ‌ලෙස ආකාර ‌දෙකකි. ඇතැම් වි‌ශේෂ බිත්තර රුකීම සිදුකරයි. බිය වූ විට ‌හෝ තර්ජනය කළ විට ‌බො‌‌හෝ සර්පයින් ‌වේග‌යෙන් පලා යයි. ඇතැ‌මෙක් පහර ‌දෙයි. සමහරක් ශරීරය සඟවාගන්නා අතර හිස පමණක් සඟවා ගන්නා සර්ප වි‌ශේෂ ද ඇත. අදට මේ ටික මතක තියා ගන්නකෝ, මේ ගැන තවත් තොරතුරු අරගෙන ආයෙත් දවසක හමුවෙමු...

No comments:

Post a Comment