Sunday, August 18, 2013

සර්පයෙක් කෑවොත්....???? සර්ප දෂ්ඨනයට ප්‍රථමාධාර

ඔන්න ඉතින් කලින් දවසක කිව්වා වගේම අදත් ආවා ඔයාලා හැමෝටම ගොඩක් වැදගත් වෙන මාතෘකාවක් වෙන සර්පයෙක් දෂ්ඨ කලොත් ලබාදෙන්න ඕනි ප්‍රථමාධාර මොනවද කියන එක ගැන කතා කරන්න.
සර්පයෙකු විසින් දෂ්ඨ කළ සෑම විටකම අනිවාර්යෙන්ම නිවරදි ප්‍රථමාධාර ලබා දෙන්න ඕනි. ප්‍රථමාධාර දෙන එක ගැන කතා කරන්න කලින්  සර්පයෙක් කෑවාම ප්‍රථමාධාර ලබා දෙන්න ඕනි ඇයි කියලා අපි පොඩ්ඩක් බලමු.
ප්‍රථමාධාර ලබා දීමේ ප්‍රධාන අරමුනු තමයි, විෂ ශරීරය පුරා පැතිරීම වැලැක් වීම. මේක බොහොම වැදගත් කාරණයක්, මොකද සර්ප දෂ්ඨනයකදී වැඩිපුර අනතුරු සිදුවෙන්නේ විෂ ශරීරය පුරා පැතිරිලා ගියොත් තමයි. ඒ වගේම දෂ්ඨ කිරීම නිසා හට ගන්නා අතුරු ආබාධ හැකිතාක් දුරට අඩු   කිරීමත් මේ ප්‍රථමාධාර වල තවත් අරමුණක්.
 ඒ වගේම වැරදි ප්‍රථමාධාර විධි නිසා සිදුවෙලා තියෙන හානිය තවත් වැඩි වෙන්න පුලුවන් කියන එකත් මතක තියා ගන්න ඕනි. ඒ නිසා අපි කවුරුත් නිවරදි ප්‍රථමාධාර විධි ගැන දැනුවත් වෙලා ඉන්න එක හොදයි කියලා තමයි මම නම් හිතන්නේ.
ඕනිම සර්පයෙක් දෂ්ඨ කළාම ඕනෑම පුද්ගලයෙක් තුළ බියක් ඇතිවීම සාමාන්‍යය දෙයක්.  පලවෙනි වගේම වැදගත් දේ තමයි ප්‍රථමාධාර ලබා දෙන පුද්ගලයා බිය නොවී ඉන්න එක. අනිත් අයත් රෝගියා බිය කරන එක නතර කරන්න ඕනි. මොකද කිව්වොත් බය වුන ඕනිම වෙලාවක අපේ හෘද ස්පන්දන වේගය වැඩිවෙනවා කියලා ඔයාලා දන්නවනේ. ඉතින් හෘද ස්පන්දන වේගය වැඩි වුනාම ශරීරය තුළ රුධිර ගමනා ගමන වේගය වැඩි වෙනවා. එතකොට දෂ්ඨ කළ ස්ථානයෙන් ශරීරයට ඇතුලු වුන විෂ ශරීරය පුරා ගමන් කරන වේගය වැඩි වෙනවා. ඒ හින්දා බිය තුරන් කිරීම ප්‍රථමාධාර දීමේදී ඉතාමත් වැදගත් වෙනවා. බිය නැති කිරීම  පහත දක්වලා තියෙන කරුනු රෝගියාට පැහැදිලි කරලා දීමෙන් බොහෝ දුරට කරන්න පුලුවන්.
ලංකාවේ ගොඩබිම ජීවත්වෙන සර්පයින් වැඩිදෙනෙක්  විෂඝෝර සරපයින් නෙමෙයි.ඇත්තෙන්ම කිව්වොත් අපේ රටේ ගොඩබිම ජීවත් වෙන සර්පයන්ගෙන් මාරාන්තික වෙන්නේ පස් දෙනෙක් විතරයි. මම මේ ගැන කලිනුත් කතා කලා ඔයාලට මතක ඇතිනේ..

වගේම මීලග කරුණ තමයි සර්පයා විෂ සහිත  වුනත් බොහෝ විට ඔවුනට විෂ ශරීර ගත කිරීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ පහර දීම නිසි පරිදි වුනේ නැත්නම් ශරීරයට නිසි විදිහට විෂ ඇතුලු වීමක් වෙන්නේ නෑ කියන එක.
ඒ වගේම තමයි ඔවුන්ගේ දළ පහර වැදීම පමනක් විෂ ඇතුලු වූ බවට ස්ථිර සාක්ෂියක් නෙවෙයි.

වඩා වැදගත් දේ තමයි මාරාන්තික සර්පයෙක් දෂ්ඨ කරලා විෂ ශරීර ගත වුනත් එයට සම්පූර්ණ සුවය ලබා දිය හැකි ප්‍රතිකාර ක්‍රම ලංකාවේ රෝහල් වල පවතිනවා.  ප්‍රථමාධාර ලබා දෙන කොට කරන්න ඕනි දේවල් වගේම නොකරන්න ඕනි දේවලුත් ගොඩක් තියෙනවා. ඒවා ගැන කතා කරන්න ආයෙත් දවසක හමුවෙමුකෝ. මම හැමදාම මේ කියන දේවල් වල මොනව හරි වැරදි අඩුපාඩු වගේම තව එකතු වෙන්න දේවලුත් තියෙනවනම් පහළ කමෙන්ට් එකක් දාලා යන්නකෝ....

නයා Naja naja

3 comments:

  1. වැදගත් ලිපියක්... සර්පයන්ගෙන් පරිසරයට ඇති දායකත්වය ගැනත් ටිකක් ලියන්න.

    ReplyDelete