Saturday, August 3, 2013

සර්පයින් හා බැදුන මිත්‍යා විශ්වාස- 2


සර්පයින් ගැන තියෙන මිත්‍යා මත ගැන පසුගිය දවසක ටිකක් කතා කලා මතක ඇතිනේ. අමතක නම් මෙතනින් ගිහිල්ලා පළවෙනි කොටස බලලා එන්නකෝ.


අද කතා කරන්න යන්නේ මිත්‍යා මත ගැන දෙවැනි කොටස
එදත් කිව්වා වගේම  මාපිලුන් ගැන ගොඩක් මිත්‍යා මත අපේ සමාජයේ මිනිසුන් අතර තියෙනවා. ගොඩක් දෙනෙක් විශ්වාස කරනවා මාපිලුන් හත් දෙ‌නෙකු වශ‌යෙන් එකට ජීවත්‌වෙන වෙනවා කියලා. ඒ වගේම එක මා පිලෙක් මැරුවොත්  අ‌නෙක් හය දෙනා ඇවිල්ලා  අදාල පුද්ගලයා‌ගෙන් පළි ගන්නා බව එයාලා විශ්වාස කරනවා.
‌‌මාපිලුන් අනෙක් සර්පයින්ට සර්පයින්ට වඩා ඇතැම් විට රංචු වශ‌යෙන්‌ ජීවත් වෙන්න කැමත්තක් දක්වන බව සොයා ගෙන තියෙනවා. ඒත් හත් දෙනෙක් එකට ඉන්නවයි කියන කතාව බොරුවක්. මේ ගාන දෙන්නෙක්ගේ ඉදලා කිහිප දෙනෙක් දක්වා වෙනස් වෙන්න පුලුවන්. මෙසේ රංචු වශයෙන් සිටීම  සතුන්‌ගෙන් ආරක්ෂාවට වැදගත් ‌වෙනවා. මේ නිසා එ‌කෙකු මිය ගිය විට ශරීර‌යෙන් පිටවන ‌හෝ‌මෝන ආදී රසායනික ද්‍රවයන්ට ආකර්ෂණය වෙලා අ‌නෙක් අයගේ පැමිණීම වෙන්න පුලුවන්  නමුත් පළිගැනීම මිත්‍යා මතයක්.
ඒ වගේම සර්පයින්ගේ ප්‍රජනන කාලයට ඔවුන්ගේ ශරීර වලින් පිට වෙන හෝමෝන ආදී රසායනික ද්‍රවයන් වලට ආකර්ෂණය වෙලා විරුද්ධ ලිංගික සර්පයින්ගේ පැමිණීම සිද්ධ වෙන්න පුලුවන්.
පිඹුරා (Python molurus ) කියන්නෙත් අපේ රටේ ගොඩක් දෙනාගේ මිත්‍යා විශ්වාස වලට භාජනය වෙච්ච සර්පයෙක්.  පිඹුරාගේ වලිගය ‌කෙලවර විෂ කටු ‌දෙකක් තියෙනවා කියලා ඇතැම් අය විශ්වාස කරනවා. ඇත්තටම පිඹුරාගේ වලිගය කෙලවර නෙරීමි දෙකක් තියෙනවා. ඒත් මේවා විෂ කටු නෙමෙයි. මේවා පරිනාම‌යේදී ඇතිවූ පාද වල නෂ්ඨාව‌ශේෂයි. ඒ නිසා මේවායින් පහර දීමේ හැකියාවක් පිඹුරාට නැහැ.
 ඇහැටුල්ලා (Ahaetulla nasuta) මිනිසුන්‌ගේ ඇස් ගලවන බව සමහරක් දෙනා විශ්වාස කරනවා. මෙය සම්පූර්ණයෙන්ම මිත්‍යා විශ්වාසයක්. ඇහැටුල්ලා රුක් වාසී සර්ප‌යෙක්. ‌‌මේ නිසා ‌බො‌හෝ විට මිනිසුන්ට පහර දීම් සිදු වන්‌නේ ශරීර‌‌යේ මුහුන ආශ්‍රිත ඉහළ ‌කොටසටයි. මේ හින්දා මේ මතය මිනිස්සු අතර ගියා කියලා හිතන්න පුලුවන්. නමුත් ඇහැටුල්ලා ඇස් ගැලවීමක් සිදු කරන්නේ නෑ.
නිදි මාපිලා( Boiga ceylonensis )  දෂ්ඨ කළ පසු රෝගියා නින්‌දේදීම මිය යන බවට මතයක් තියෙනවා. ‌මොහු නිශාචර සර්ප‌යෙක් නිසා ක්‍රියාශිලී වෙන්නේ රාත්‍රී කාලයටයි. ඒ හින්දා මිනිසුන්ට පහර දීම්ද සිදු වන්‌නේ රාත්‍රි කාල‌යටයි. නමුත් නින්‌දේදී මිය යන මතය පදනම් විරහිතයි.
න‌යෙක් ( Naja naja )  දෂ්ඨ කළ පසු එම නයා ගෙන්වලා උගෙන් විෂ උරා දැමිය යුතු බවත් එසේ කලොත් රෝගියා මරණයෙන් බේරාගන්නට පුලුවන් කියලත් අතීතයේ මිනිස්සු විශ්වාස කලා. මේක සම්පූර්ණ‌යෙන්ම මිත්‍යා මතයක්.
තිත් ‌පොළගා (Daboia russelii) වයස් ගත වනවිට පිඹුරා (python molurus)  වන බව ඇතැමෙක් විශ්වාස කලත් ‌මෙහි කිසිදු සත්‍යක් ‌නෑ. පිඹුරා සහ පොළගා කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් විශේෂ දෙකක්.



ඇහැටුල්ලා (Ahaetulla nasuta)

3 comments:

  1. ගිය වතාවෙ වගේම වැදගත් පෝස්ටුවක්.

    ReplyDelete
  2. school A/L project 1ta godak wadagath una..

    ReplyDelete
  3. school work ekata maru

    ReplyDelete