Saturday, January 12, 2013

සර්ප දෂ්ඨනයෙන් වැලකී සිටින්නේ කෙසේද? (දෙවන කොටස)


එදා අපි සර්ප දෂ්ඨනයෙන් වැලකී සිටීම පිළිබද මූලික කරුනු කතා කලා මතක ඇතිනේ, බලපු නැති අය ඉන්නවනම් මෙතනින් ගිහිල්ලා බලලා එන්නකෝ.


එදා කිව්ව එවට අමතරව තවත් වැදගත් දෙයක් තමයි තමන්ගේ නිවාස ආශ්‍රිතව එළි පෙහෙලි කරලා කුණු ගොඩවල් ඉවත් කරලා පිරිසිදුව තබා ගන්න එක. එතකොට කැලෑවල ඉන්න සර්පයෝ නිවාස ආශ්‍රයට පැමිනීම අඩුවෙනවා. බොහෝවිට මේ කුණුගොඩවල් වල මීයන් වගේ සත්තු ජීවත් වෙන හින්දා සර්පයින් ඔවුන්ව ආහාරයට ගන්න නිවාස අසලට පැමිනෙනවා. මේ වගේ අවස්තාවල මිනිසුන්ට පහරදීම් සිදුවෙන්න පුලුවන්.
 කුඩා ළමයි සෙල්ලම් කරන කොට සර්ප දෂ්ඨනයන්ට ලක්වුන අවස්ථා වාර්තා වෙනවා. මේ හින්දා දෙමාපියන් ඒ පිළිබදව අවදානයෙන් සිටීමත් වැදගත් වෙනවා. විෂේශයෙන්ම කැලෑ සහිත ප්‍රදේශ වල ළමුන් සෙල්ලම් කිරීමේ දී ප්‍රවේශම් වෙන්න ඕනි.
මැරුනු  විෂ සහිත සර්පයින්  ඇල්ලීමෙන් වැළකී සිටීමත් වැදගත් කරුනක්, සමහර සර්ප විෂේශ තම විලෝපිකයින්ගෙන් ආරක්ෂාවෙන්න මැරුන විදිහට ඉන්න අවස්ථා දැක ගන්නත් පුලුවන් ඉතින් මේ වගේ වෙලාවක අපි සර්පයව ඇල්ලුවොත් සර්පයා අනිවාර්යෙන්ම අපිට පහර දෙනවා.
විෂ සහිත වෘක්ෂවාසී සර්ප විෂේශත් සිටින නිසා ගස් නැගීම, ගස් වල අතු කැපීම වගේ වැඩ වලදීත් ප්‍රවේශම් වීම වැදගත්.
මුහුදු සර්පයින් නිසා සිදුවෙන දෂ්ඨ කිරීම් කාලාතුරකින් වාර්තා වුවත් මුහුදු සර්පයෝ කියන්නේ උග්‍ර විෂ සහිත සර්ප විෂේශ නිසා ප්‍රවේශම් වීම බොහොම වැදගත්. මේ අවදානම වැඩිපුරම තියෙන්නේ ධීවරයන්ට. ධීවරයින් තම මාලු දැල් වලට අහුවෙන සර්පයින් ඉවත් කිරීමට යාමේදී ඔවුන්ගේ දෂ්ඨනයන්ට ලක්වෙන්න පුලුවන්, මේ නිසා වඩාත් ආරක්ෂාකාරීව කටයුතු කිරීම වැදගත්. 
කොහොම වුනත් දැන් නම් ගොඩක් ධීවරයෝ මේ වගේ මුහුදු සර්පයෙක් දැලට අහු වුනාම ඔවුන්ව මරන්න පුරුදු වෙලා ඉන්නවා කියලා තමයි දැන ගන්න තියෙන්නේ. මේක නම් කොහොමවත් අනුමත කරන්න පුලුවන් දෙයක් නෙමෙයි.
සර්පයෝ මරා දැමීම මගින් සර්පයෝ අඩුකරලා දාලා සර්ප දෂ්ඨනයෙන් මිදෙන්න පුලුවන් කියලා කවුරුහරි හිතාගෙන ඉන්නවනම් ඒක වැරදි දෙයක් බවත් සදහන් කරන්න ඕනි.
ඔය කොච්චර දේවල් කිව්වත් බැරිවෙලාවත් සර්පයෙක් දෂ්ඨ කලොත් අපි මොනව කරන්නද ඉතින් නේද? බය වෙන්න එපා සර්පයෙක් දෂ්ඨ කලොත් ලබා දෙන්න ඕනි නිවරදි ප්‍රඨමාධාර ක්‍රම ගැනත් ඉදිරියේදී තොරතුරු අරගෙන එන්න හිතාගෙන ඉන්නවා..



6 comments:

  1. වැදගත් විස්තර ටිකක් :)

    ReplyDelete
  2. බොහොම ස්තූතියී :)

    ReplyDelete
  3. දිගටම ලියන්න

    ReplyDelete
  4. හොද ලිපියක් යාළුවා දිගටම කරගෙන යන්න අපි මේ පැත්තේ එන්නම්

    ReplyDelete
  5. බොහොම ස්තූතියී

    ReplyDelete