Monday, September 24, 2012

අපි කවුරුත් හොදින් හදුනන සර්පයෙක්- නයා Indian Cobra - 2


එදා අපි නාගයින් ගැන ටිකක් විතර කතා කලානේ, අදත් අපි හදන්නේ නාගයින් ගැන වැඩිදුරටත් කතා කරන්න.
නාග විෂේ ප්‍රධාන අන්තර්ගතය neurotoxin වේ.  මේවා මගින් ස්නායු පද්ධතියට ප්‍රබල හානි ඇතිකරනවා.  මීට අමතරව මාංශ පේශිවල  අකර්මන්‍යතා ඇති කිරීම වගේම හෘදයට බලපෑම් ඇති කරන්නත් මේ විෂ සමත්කම් දක්වනවා.  විෂේ අන්තර්ගත එන්සයිම අතර හයලුරොනිඩේස් තමයි ප්‍රධාන අන්තර්ගතය.
නාගයෙක් දෂ්ඨ කලාට පස්සේ සපා කෑ ස්ථානයේ පටක ක්ෂය වීමක් සිදුවෙනවා.  රෝගියාට හුස්ම ගැන්න අපහසු වෙනවා.  සුදුසු ප්‍රතිකාර කඩිනමින් ලබා දුන්නේ නැත්නම්  රෝගියා මරණයට පත්වෙනවා.
නාගයා වැඩිපුර  ක්‍රියාශීලී වෙන්නේ දවල් කාලයේ.  ඇතැම් විට රාත්‍රී කාලයේද වාර්තා වෙලා තියෙනවා.
නයා කියන්නේ භෞමික සර්පයෙක්.  ඇතැම් විට කුඩා පදුරු වලද ඉන්නවා  දකින්න පුලුවන්. වැසි කාලයේ පදුරු ආශ්‍රිතව දිවි ගෙවනවා.
නාගයින්ට පිහිනීමේ යම් හැකියාවක්ද පවතිනවා.  මේ සර්ප විෂේශය ඇතැම් විට මිනිස් වාසස්තාන වලටද ඇතුලු වෙනවා.
ක්‍රියාශීලී සර්පයෙකුවන මොහු බිය ගැන්වූ විට වේගයෙන් පලා යනවා.  නැත්නම් පෙනය එසවීම සිදුකරනවා. අවසානයේ පහර  දීමට පෙළඹෙනවා. පහර දීමකදී තම ශරීරයෙන් 1/3 එසවීමේ හැකියාව නයෙකුට පවතිනවා.
අප්‍රේල් - ජූලි අතර කාලයේදී බිජු ලෑම සිදු කරනවා.   එක් වරකට බිත්තර 5-25 අතර ප්‍රමාණයක් පොළවේ සකස් කළ කූඩු වල දැමීම සිදු කරනවා.
නාගයෙක් මීටර 1.5 පමණ දිගකට වර්ධනය වෙනවා.
 නාගයින්ගේ ආහාර ගැන කතා කරන කොට මෙයාලත් අනෙක් සර්පයෝ වගේම මීයන් ,ගෙම්බන්, කුරුල්ලන්, මාලුන් ආහාරයට ගන්නවා. ඒ විතරක් නෙමෙයි මෙයාලා වෙනත් සර්පයන් වගේම ඔවුන්ගේ බීත්තරත් ආහාරයට ගන්නවා.
නාගයින් හා බැදුනු මිත්‍යා විෂ්වාස බොහොමයක් අපේ සමාජය පුරා පැතිරිලා තියෙනවා.
අපේ රටේ වගේම වෙනත් රට වලත් ඇතැම් ජන කොට්ඨාශ  නාගයින් මත තම ජීවිකාව පවත්වා ගන්නවා. අපේ රටේ අහිගුන්ඨකයින් කියන්නේ ඒ වගේ ජන කොට්ඨාශක්. ඒ වගේම සමහර ජන කොට්ඨාශ වල මිනිසුන්නාගයන්ට දේවත්වයෙන් සලකනවා.

නයි නැටවීම


Tuesday, September 4, 2012

අපි කවුරුත් හොදින් හදුනන සර්පයෙක්- නයා Indian Cobra/ Spectacled Cobra


පසුගිය දවසක බ්ලොග් එක පැත්තේ ආපු අයිය කෙනෙක් කියලා තිබුනනේ ලංකාවෙ ඉන්න විෂ තියෙන සර්පයෝ ගැන ඉදිරිපත් කලොත් හොදයි කියලා, ඉතින් අද මම හිතුවා අපේ රටේ ගොඩබිමින් හමුවෙන උග්‍ර විෂ සහිත සර්පයින් පස් දෙනාගෙන් වැඩිපුරම අපිට හම්බු වෙන නයා ගැන පොඩ්ඩක් කතා කරන්න.
නයා එහෙමත් නැත්නම් නාගයා ( Indian Cobra/ Spectacled Cobra) 
කියන්නේ Elapidae කුළයේ  Elapinae කියන උප කුළයට අයිත් උග්‍ර විෂ තියෙන සර්පයෙක්නේ. Naja naja  තමයි මෙයාගේ විද්‍යාත්මක නම. නයා ලංකාවේ සෑම දේශගුණික කලාපයකම වගේ දැක ගන්න පුලුවන්. මේ සර්පයාගේ ශරීරය  දිගයි සිලින්ඩරාකාරයි.
අපි හැමෝම වගේ දන්න විදිහට නයා අනෙකුත් සර්යින්ගෙන් වෙන්කර හදුනාගන්න පුලුවන් පැහැදිලි හිසක් තියෙනවා.  මධ්‍යම ප්‍රමාණයේ හිස පැතලියි. මෙම හිස “පෙනය‍  (hood)  කියලා හදුන්වනවා.  හිස ගෙලින් පැහැදිලිව වෙන්වෙලා තියෙනවා.  ඒ වගේම හිසේ අඩ කවයක් ආකාරයට කලු පාට පැල්ලමක් තියෙනවා.  මේ පැල්ලම සිංහල“ප අකුරේ හැඩය ගන්නවා.  සමහර නාගයිනන්ගේ මේ පැල්ලම පැහැදිලිව දිස් වුනත්ඇතැම් සර්පයින්ගේ  මෙම සළකුණ එතරම් පැහැදිලි නෑ.
නයාට මධ්‍යම ප්‍රමාණයේ ඇස් තියෙනවා.ඒ වගේම  මධ්‍යම ප්‍රමාණයේ නාස් පුඩුත් මෙයාලගේ දැක ගන්න පුලුවන්.

අපේ රටින් විවිධ ශරීර වර්ණ දරන නාගයින් හමුවුනත්  බොහෝ විට  තද දුඹුරු පාටට හුරු කලු පාට ශරීර අතිනාගයින් බහුලව දැක ගන්න පුලුවන්.  ඇතැම් නාගයින් ලා දුඹුරු පාටක් ගන්නවා.  ශරීරය පුරා සුදු පාට සහ දුඹුරු පාට මිශ්‍රව පවතිනවා. ඒ විතරක් නෙමෙයි සුදු පාට නාගයින්ද ලංකාවෙන් වාර්තා වෙනවා.  
අපි කවුරුත් දන්න විදිහට නයා උග්‍ර විෂ සහිතයි.  සර්ප දෂ්ඨනයෙන් අපේ රටේ සිදුවන මරණ වැඩි සංඛ්‍යාවකට හේතුවෙනවා.   නාගයින්ට ශරීරයේ පුර්වයේ පිහිටි දළ  පිහිටනවා.
 නයා කියන්නේ අපි කවුරුත් හොදින් දන්න සර්පයෙක්නේ, ඒ නිසාම මෙයා ගැන කතා කරන්න තව ගොඩක් දේවල් තියෙනවා. ඒව ගැන කතා කරන්න අපි තවත් දවසක හමු වෙමුකෝ.