Thursday, April 12, 2012

Family Colubridae


Family Colubridae කොලුබ්‍රිඩාවන් යන නමින් මෙයාලව හදුන්වනවා. ලොව විශාලතම සර්ප කුළය වන මෙයට දැනට හදුනාගත් සර්ප විශේෂ 1700කට අධික ප්‍රමාණයක් අයත් වෙනවා. ශ්‍රී ලංකාව තුළ හමුවන සර්ප විශේෂ අතරින්ද වැඩිම විෂේශ සංඛ්‍යාවක් (29ක් පමණ) අයත් වන්නේ මෙම කුළයටයි. මේ අතර මෙරටට ආවේනික සර්ප විශේෂ 9ක්ද ආවේනික උප විශේෂ 4ක්ද අයත්වේ. භෞමික වාසී, රුක්වාසී, ජලජවාසී පමණක් නොව පාංශුවාසී, යන ප්‍රධාන වාසස්ථාන සියල්ලෙහිම මෙම සර්පයින් දැක ගන්න පුලුවන්.
 මාපිලුන් (Cat snakes) හාල්දන්ඩන් (Bonze backs) දත්කැටියන්(Kukri snakes) විශේෂ පමණක් නොව අපට බහුලව හමුවන ගැරඩියන්ද (Rat snakes) අයත් වෙන්නේ මේ කුළයටයි. 
 අපේ රටේ හමුවෙන කොලුබ්‍රිඩාවන් අතරින්  ඇතැම් විෂේශ මද විෂ (mildly venomous) සහිත වන අතර බොහොමයක් විෂ රහිත (non-venomous) වේ. මෙම සර්පයින් බොහොමයක් දැනට වදවීමේ තර්ජනයට මුහුන පාලා තියෙනවා. ඒ නිසාම මේ අතරින් බොහොමයක් රතු දත්ත පොතේ Threatened යන කාණ්ඩය යටතේ වර්ගීකරණය කරලා තියෙනවා.

3 comments:

  1. මම දන්නා විදියට දැන් ලංකාවේ IUCN එකත් කොට උඩ වගේ. මොකක් හරි කොරන්නෙ සත්තු වත්තේ තියන සත්ව-වේදීන්ගේ සංගමය තමා.

    ReplyDelete
  2. හ්ම්ම්ම්ම්ම් ඔය කොලපාට ඩයල් එකනම් මමත් දැකලා තියෙනවා විස නැහැලු

    ReplyDelete
  3. ඔව් මෙයා තමයි ඇහැටුල්ලා කියන සර්පයා. මෙයා මඳ විෂ සහිත සර්පයෙක්.

    ReplyDelete