Monday, April 16, 2012

Family Boidae


Family Boidae
අද අපි කතා කරන්න යන්නේ බොයිඩේ කියන සර්ප කුළය ගැනයි. එදා අපි කතා කරපු Family Colubridae මෙරට ඉන්න සර්පයෝ වැඩිම සංඛ්‍යාවක් අයිති වුනාට  Boidae කුළයට අයත් සර්පයින්ගෙන්  ලංකාවෙන් වාර්තා වෙන්නේ Gongylophis conicus හෙවත් වැළි පිඹුරා (Sand Boa) කියන සර්පයා විතරයි. පිඹුරා කියන නමින් හැදින්වුවාට මෙම සර්පයාට තියෙන්නේ පිඹුරාට වඩා දිගින් අඩු ශරීරයක්. 
මෙම කුළයට අයති වෙන්නේ සෙමින් සංචරනය කරන ඉතාමත් උදාසීන සර්ප විෂේශයි. මෙයාලා විශාල ශරීර දැරුවත්  ශරීර ප්‍රමාණය අතින් ගැහැනු සතුන් පිරිමි සතුන්ට වඩා ඉදිරියෙන් ඉන්නවා. පරිනාමයේදී න්‍යෂ්ඨ වී ගිය අසම්පූර්න පසුපස ගාත්‍රා මෙම කුළයේ සර්ප විෂේශ වල දැකගන්න පුලුවන්. ඒ වාගේම මෙම විෂේශ මියර සහිත කොරපොතු දරනවා. වැලි පිඹුරා බොහෝ විට වෙරලාසන්න වැලි ආශ්‍රිතව ජීවත් වෙනවා.



වැළි පිඹුරා
                                                                      (ඡායාරූපය- www. srilankanreptiles. com)
 

No comments:

Post a Comment