Sunday, November 15, 2015

දැතිගෝමරයා..Black headed Snake



දැතිගෝමරයා හෙවත් ඉංග්‍රීසි භාෂාවෙන් Jerdon’s Polyodent හෝ Black-headed Snake යන නම් වලින් හදුන්වන මෙම සර්පයා ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ බංගලාදේශය යන රටවලින් පමණක් හමුවේ.  Sibynophis subpunctatus ceylonicus යන උප විෂේශය මෙරටට ආවේනික වේ.  ශ්‍රී ලංකාවේ මුහුදු මට්ටමින් 750 m දක්වා උසකට තෙත් හා වියළි කලාප වල දක්නට ලැබේ. පානදුර ගාල්ල කොළඹ පුත්තලම සිංහරාජය දෙනියාය කලුතර ප්‍රදේශ වලින් හමුවී ඇත.
Colubridae කුලයට අයත් මෙම සර්පයා පහත පරිදි වැඩිදුරටත් වර්ගීකරණය කළ හැක.

Sibynophis subpunctatus
Kingdom:    Animalia
Phylum:      Chordata
Class:          Reptilia
Order:         Squamata
Suborder:    Serpentes

Family:       Colubridae
Subfamily:  Colubrinae
Genus:        Sibynophis

මධ්‍යම ප්‍රමාණයේ සිලින්ඩරාකාර ශරීරයක් දරයි. විශාල ඇස් තුළ රවුම් කණිනිකාවක් දැකිය හැක. ක්‍රමයෙන් සිහින් වන දිගු වලිගයක් දැකිය හැකි අතර  ලා දුඹුරු පාට ශරීරයේ තද දුඹුරු පාට තිත් විශාල ගණනක් ඇත. කලු පාට හිසේ කහ පාට වලල්ලක් දැකිය හැක. තොල් හා හිසේ යට කොටස කහ පාටයි.

නිර්විෂ සර්පයෙකු වන දැති ගෝමරයා  දිවා කාලයේ සහ රාත්‍රි කාලයේ දෙකේදීම දැකිය හැක. කෘෂිකාර්මික බිම් වල නිරන්තරයෙන් හමුවන අතර භෞමිකවාසී සර්පයෙකි. වැඩි වේලාවක් විට දිරාගිය කොටන් යට සහ ගල් යට සැගවී සිටී. බොහෝ විට පහර දීමක් සිදු නොකරයි. හොදින් වැඩුනු සරිපයෙකු 20 -35  cm පමණ දිගකින් යුක්ත වන අතර ආහාර වශයෙන් ගෙම්බන් කුඩා සර්පයින් හූනන් මෙන්ම හිකනලුන්ද දඩයම් කරනු ලබයි.

කලු පාට හිසේ කහ පාට වලල්ලක් දැකිය හැක




ඡායාරූප උපුටා ගැනීම
indiansnakes.org
www.sarrp.org

11 comments:

  1. අද දින කරපු වැටලිමක් ගොමරයා සුලු තුවල ලබා පතිකාර සදහා කුස්සියට ඇතුලත් කිරිමෙන් පසු කහපිටි දමා තරයේ අවවද කර උඩුගුවනින් කැලයට මුදාහරින ලදී

    ReplyDelete
  2. කුරුනෑගල-පන්නල ප්‍රදේශයේ මොහු ඇත.දෙතුන් දෙනෙකු මේ වන විට අල්ලා කැලයට මුදා හරින ලදී.ඊයේ දිනයේදීද එකෙක් හමු විය.මොහු මිනිසුන්ව සපා කෑමට ලක් කරන්නෙ නැතිද?

    ReplyDelete
  3. වෙන්නප්පුව ප්‍රදේශයෙන් අද එකෙක් හම්බවුනා.

    ReplyDelete
  4. ඊයේ අපිත් දක්කා මූ විෂයිද

    ReplyDelete
  5. අද එකෙක් හම්බුනා..සර්පය විසද නැද්ද කියල දැනගෙන හිටියෙ නෑ...ඌව මැරුව

    ReplyDelete
  6. අම්පාරෙත් ඉන්නවා

    ReplyDelete
  7. නුවරින් හමු වූ බිත්තරයෙන් මූ ආවා

    ReplyDelete
  8. ගම්පහ ,මිරිගම ප්‍රදේශයේ හමුවුනා අද දිනයේ..

    ReplyDelete
  9. අනුරාධපුර අපේ ගෙදරිනුත් දැන් හමුවුනා

    ReplyDelete
  10. Urapolin hambuna ada dina .

    ReplyDelete