අද අපි කතා
කරන්න යන්නේ මුලු ලෝකෙන්ම අපේ රටේ විතරක් හම්බුවෙන පළා පොළගා ගැනයි. Sri Lankan green pit viper,
Sri Lankan pit viper, green pit
viper වගේ නම්
වලින් හදුන්වන මේ සර්පයා විද්‍යාත්මකව Trimeresurus trigonocephalus කියලා හදුන්වනවා. මෙයාව මෙන්න මේ විදිහට
වැඩිදුරටත් වර්ගීකරණය කරන්න පුලුවන්.
Class: Reptilia
Subclass: Lepidosauria
Order: Squamata
Suborder: Serpentes
Infraorder: Alethinophidia
Family: Viperidae
Subfamily: Crotalinae
Genus: Trimeresurus
ශ්‍රී ලංකාවේ ශුෂ්ක කලාපයේ සහ උස් කදු
මුදුන් හැරුනු විට ප්‍රධාන දේශගුණික කලාප තුනේම මේ සර්පයා වාර්තා වෙනවා. නමුත්
තෙත් කලාපයේ තෘණභූමි වැසි වනාන්තර ආශ්‍රිතව බහුලවම හමුවෙනවා. එයට අමතරව මුහුදු මට්ටමේ
සිට 150 සහ 1800 අතර විහිදී ඇති තේ කෝපි කොකෝවා, කරදමුංගු වගාවන් ආශ්‍රිතවද පලා
පොළගා වාර්තා වෙලා තියෙනවා.
පලා පොළගා මධ්‍යම ප්‍රමාණයේ ශරීරයක් දරන
සාමාණයෙන් 60 75 පමණ ප්‍රමාණයකට දිගින්
වැඩෙන සර්පයෙක්. ගැහැනු සතා පිරිමි සතාට වඩා ප්‍රමාණයෙන්
විශාලයි. අනෙකුත්
පොලගුන්ගේ මෙන්ම පලා පොළගාගේද පැහැදිලි ත්‍රිකෝණාකාර හිසක් දැක ගන්න පුලුවන්, මේ
නිසා හිස පැහැදිලිව ගෙලන් වෙන්වෙලා තියෙනවා. දර්ශීය පලා පොලගෙකුගේ ශරීරය කොල
වර්ණයෙන් යුක්ත වෙනවා. නමුත් ඇතැම් අවස්ථාවලදී කොල පාටින් වෙනස් වූ වර්ණ දරන
පලා පොලගුන්ද වාර්තා වෙලා තියෙනවා. මෙයාලගේ ශරීරය පුරා කලු පැහැති රටාවක් දැක ගන්න පුලුවන්.
තෙත් කලාපයේ හමුවන සතුන්ගේ මෙම කලු පාට රටාව වඩාත් පැහැදිලිව පිහිටලා තියෙනවා.
පලා පොළගා මධ්‍යම ප්‍රමාණයේ විශ සහිත(moderately venomous) සර්පයෙක්.
විෂේ ප්‍රධාන ලෙසටම රැධිර සංසරණයට බාධා ගෙන දෙන ධූලක (haemotoxic)අන්තර්ගත වෙනවා. සර්ප
දෂ්ඨනයෙන් පසු දෂ්ඨ කල ස්ථානයේ ඉදිමීමක්
මෙන්ම වේදනාවක්ද ඇති වෙනවා. හෘදයේ සහ
වකුගඩු වල අකර්මන්‍යතා ඇත වූ අවස්ථා වාර්තා වෙනවා. කෙසේ නමුත් පලා පොලගෙකුගේ
දෂ්ඨනයක් නිසා මරණය සිදුවූ අවස්තා නම් තවම වාර්තා වෙලා නැහැ.
පලා පොළගා රැක් වාසී සර්පයෙක්(arboreal).නමුත් ඇතැම් විට
ආහාර සොයා ගැනීම පිණිස පොලවටද බහින අවස්ථා තියෙනවා. උදැසන කාලයේ හිරු එළිය ලැබීම
පිණිස වලිගය පටලවා ගෙන අතු මතට වී සිටිනු දැක ගන්න පුලුවන්.
පලා පොළගා එතරම් සටන්කාමී සර්පෙයකු නොවේ.
නමුත් තදින් කුපිත කල අවස්ථාවකදී වලිගය සොලවමින් ශරීරයේ ඉදිරි පෙදෙස දගර ගසාගෙන
සපා කෑමට පනී.
ජලාබුජ( Vivipary) සර්පෙයක් වන මේ සර්පයා ජුනි ජූලි මාස වලදී
වරකට පැටවුන් 25ක් පමණ සංඛ්‍යාවක් බිහි කිරීම සිදු කරනවා. ආහාර වශයෙන් ගෙම්බන්
කුඩා ක්ෂීරපායින් මෙන්ම පක්ෂීන්ද දඩයම් කිරීම සිදු කරනවා.
ශ්‍රී ලංකාවට අන්‍යනය වු මේ සර්පයා වද වී
යාමට නොදී ආරක්ෂා කර ගැනීම අපි හැමෝගේම වගකීමක්.
ඡායාරූප
http://cdn2.arkive.org
http://calphotos.berkeley.edu
Thank you
ReplyDeleteThank 🧒
ReplyDelete