පොලොංතෙලිස්සා එහෙමත් නැත්නම් කුණකටුවා
කියලා හදුන්වන්නේ අපේ රටේ තරමක් විතර බහුලව හමුවෙන සර්පයෙක්. ඉංග්‍රීසි භාෂාවෙන් Merrem's Hump-nosed Pit Viper කියලා හදුන්වන මේ
සර්පයා Hypnale
hypnale කියන විද්‍යාත්මක නමෙන් හදුන්වනවා. මේ සර්පයා
මෙන්න මේ විදිහට විද්‍යාත්මකව වර්ග කරන්න (Scientific
classification) පුලුවන්.
Kingdom
|
Animalia
|
Phylum:
|
Chordata
|
Subphylum:
|
Vertebrata
|
Class:
|
Reptilia
|
Order:
|
Squamata
|
Suborder:
|
Serpentes
|
Family:
|
Viperidae
|
Subfamily:
|
Crotalinae
|
Genus:
|
Hypnale
|
කුණකටුවා බොහෝ වෙලාවට දිවයිනේ අතරමැදි සහ
වියළි කලාපයේ කෘෂිබිම් වල වගේම මිනිස් වාසස්ථාන වලත් හමුවෙනවා. ඒ වගේම තේ ,රබර්, පොල්, කොකෝවා වතු
ආශ්‍රිතවද හමුවෙනවා. මෙයා නිශාචර සර්පයෙක්. ඒ වගේම භෞමික වාසී සර්පයෙක්.
සිලින්ඩරාකාර ශරීරයක් දරන මේ සර්පයාගේ ගෙල
පැහැදිලිව ගෙලෙන් වෙන් වෙලා තියෙනවා.ඒවගේම තරමක් ත්‍රිකෝණාකාර මහත හිසක් මෙයාලට තියෙනවා.
පෘෂ්ඨයක් මතුපිට ඉන්න කොට හිස අංශක 45කින් පමණ ඔසවාගෙන සිටිනු දකින්න පුලුවන්.
කුඩා නාස් පුඩු දරන මේ සර්පයාට මදක් ඉදිරියට
නෙරූ දුඹුරු පාට ඇස් පිහිටලා තියෙනවා.
විවිධ වර්ණ වලින් යුක්ත සතුන් හමුවෙනවා ඒ
කියන්නේ මෙයාලගේ වර්ණ වෙනස්කම් රාශියක් තියෙනවා. බොහෝ විට අදුරු දුඹුරු පාටයි. ඇතැම් විට තද
දුඹුරු පාටින් යුක්ත වෙනවා. ශරීරයේ කලු පාට පැල්ලම් දකින්නත් පුලුවන්.
මධ්‍යම ප්‍රමාණයේ විෂ සහිතයි. ඒ වුනත් මේ සර්පයා දෂ්ඨ කිරීම නිසා මරණ වාර්තා
වෙලා තියෙනවා කියලත් සමහරු කියනවා. කොහොම උනත් මේ සර්පයා දෂ්ඨ කලාම තුවාලය අවට
දැඩි වේදනාවක් ඇතිවෙනවා.
රාත්‍රී කාලයට ක්‍රියාශ්‍රීලි වෙන මේ සර්පයා
දිවා කාලයේ දිරාගිය කොළ රොඩු, ගල් කොටන් යට හැංගිලා ඉන්නවා. රාත්‍රී කාලයේදී සිදුවූ පහරදීම් වාර්තා වෙනවා. කුපිත
වුන වෙලාවට වලිගය තදින් සෙලවීමක් මේ සර්පයාගෙන් දැක ගන්න පුලුවන්.
35 cm පමණ දිගකට වැඩෙන
කුණකටුවා කුඩා සර්ප බිත්තර,
කුඩා ක්ෂීරපායින්, සිකනලුන්, ගෙම්බන්
ආහාරයට ගන්නවා.
වැඩුනු ගැහැණු සතුන් මාර්තු ජුලි අතර කාලයේ
පැටවු දැමීම සිදු කරනවා. වරකට පැටවුන් 7ත් 14ත් අතර සංඛ්‍යාවක් උපත් ලබන් අතර
උපතේදී මේ සර්පයින් 15cm දිගකින්
යුක්ත වෙනවා.
කුණකටුවා Hump-nosed Pit Viper |
(ඡායාරූපය- www.naturephoto-cz.com)
පොලොන් තෙල්ලිස්සා සම්බන්දයෙන් තව දුරටත් ඌ මදවිශ සරපයෙක් ලෙස හැදින්වීම නම් කල නොහැකි.වාර්තාවී ඇති දශ්ඨනයන්ට අනුව මෙම සර්පයාගේ විශ උග්‍ර සර්පයෙකු ලෙස ගත හැකි වේ
ReplyDeleteමෙයාගෙ දශ්ඨන හින්ද වාර්තා වෙලා තියෙන මරණ හේතුවෙන් වෛද්‍ය විද්‍යාත්මකව වැදගත් සර්පයෙක් විදිහට නම් කරල තියෙනව.. නමුත් උග්‍ර විෂ සර්පයෙක් නෙමෙයි...
Deleteපැටවුද දාන්නේ ? බිත්තර නෙවෙයිද ?
Delete