ශ්‍රී ලංකාවේ ඉන්න සර්පයෝ ගැන කතා කරන්න කලින් ලංකාව ගැන පොඩ්ඩක් කතා කරන්න හිතුනා. ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ, ඉන්දියානු අර්ධද්වීපයට නිරිත දෙසින් උතුරු අක්ෂාංශ 5 54’ ත් 9 52’ත් නැගෙනහිර දේශාංෂ 79 39’ ත් 81 53’ ත් අතර පිහිටලා තියෙන පුංචි රටක්.
වර්ග කිලෝමීටර 65610 ක භූමි ප්‍රදේශයක් වූ මෙහි එකිනෙකට වෙනස් දේශගුණික කලාප දැක ගන්න පුලුවන්. තෙත්, අතරමැදි හා වියළි ලෙස ප්‍රධාන දේශගුණික කලාප තුනකි. මුහුදු මට්ටමේ සිට ඇති උස සැලකූවිට ප්‍රධාන භූ විෂමතා කලාප පහක්(වෙරළබඩ තැන්න, අභ්‍යන්තර තැනිතලාව, මධ්‍යම කදුකරය, සබරගමු කදුවැටිය,ගල්ඔය කදුවැටිය) දක්නට ලැබෙනවා.
ශ්‍රී ලංකාව සමකාසන්නයේ පිහිටා තිබීම නිසා වර්ෂය පුරා ඒකාකාර උෂ්ණත්වයක් (26.7 °C ) පැවතීම මෙන්ම වාර්ෂික උෂ්ණත්ව අන්තරය
(2.8°C ) කුඩා වීමද ජීවීන්ගේ පැවැත්මට වැදගත්වේ.
මුහුදු මට්ටමේ සිට ඉහලට යත්ම (උන්නතාංශය) උෂ්ණත්වය ක්‍රමයෙන් අඩු වීමද නිසා රට තුළ විවිධාකාර දේශගුණික තත්ව ඇතිවී තිබෙනවා. මුහුදු මට්ටමේදී උෂ්ණත්වය 26.9 ° C පමණද මධ්‍යම කදුකරයේ දී උෂ්ණත්වය 11.5°C පමණද වේ.
සංවහන, මෝසම් සහ වාසුළි(අවපාත) වර්ෂාව ලෙසින් ප්‍රධාන ක්‍රම තුනක් යටතේ ශ්‍රී ලංකාවට වර්ෂාව ලැබෙන අතර මෙම වර්ෂාව වසරේ එක් එක් කාලය අනුව මෙන්ම දිවයිනේ ප්‍රදේශ අනුවද වෙනස් වීම නිසා වර්ෂාපතනයේ වෙනසක් ඇතිවී තිබෙනවා. ශ්‍රී ලංකාවේ වාර්ෂික වර්ෂාපතනය 900mm ත් 6000mm අතර පුලුල් පරාසයක විසිරී ඇත.
ලංකාවේ වෘක්ෂලතාදී ප්‍රමාණය හෙක්ටයාර මිලියන 2375 පමණ වන අතර මුලු බිම් ප්‍රමාණයෙන් 36.5% පමණ වේ. මෙරට ප්‍රධාන වෘක්ෂලතාදී කලාප 6 ක් දැකිය හැක.
පහතරට නිවර්තන තෙත් සදාහරිත වනාන්තර
පහතරට වියළි කලාපීය වනාන්තර
අර්ධ ශුෂ්ක කලාපීය කටු පදුරුසහිත ලදු කැලෑ
කදුකර වනාන්තර
තෘණ බිම් ( පතන හා තලාව)
කඩොලාන
මෙරට ජෛව විවිධත්වය වැඩිවීමට තවත් හේතුවක් ලෙස අභය භූමි සැලකීමට පුලුවන. වන ජීවීන් සදහා වෙන්වූ අභයභූමි 50 ක් පමණ මෙරට පිහිටා ඇත.
දිවයින තුළ පිහිටි මෙම සෞමය දේශගුණික තත්වය නිසා බොහෝ ජීවීන්ට වාසය කිරීමට සුදුසු පරිසර තත්වයක් ශ්‍රී ලංකාවේ ඇති වෙලා තියෙනවා. සිංහරාජය, හෝටන් තැන්න, නකල්ස්, යාල මෙන්ම වෙරළ බඩ මුහුදු තීරය ආශිතව සර්පයින් වැඩි වශයෙන් දැක ගන්න පුලුවන්. ලංකාවේ සර්පයෝ ගැන තොරතුරු අරගෙන තවත් දවසක මුනගැහෙමු....
No comments:
Post a Comment