හැමදාම වගේ ලංකාවේ ඉන්න සර්පයෝ ගැන කතා කරන
හින්දා අද ලෝකේ පුරා සර්පයෝ ව්‍යාප්ත වෙලා ඉන්නේ කොහොමද කියලා දැනුවත් කරන්න
හිතුනා. සර්ප විශේෂ 2900කට අධික ප්‍රමාණයක් ලොව පුරා විසිරිලා ඉන්නවා. ඇන්ටාටිකාව හැරුනු කොට
අන් සියලුම මහද්වීප වලින් සර්පයින් මුණ ගැහෙනවා. ගැඹුරු මුහුදු පතුලේ වගේම 5000m කට වඩා
උස්වූ කදුමුදුන් වලද මොවුන් දිවි ගෙවනවා. කොහොම වුනත් අයර්ලන්තය වගේ
සර්පයින්ගෙන් තොර වූ දූපත්ද ලොව පුරා වාර්තා
වෙනවා.
ලෝකය පුරා ජීවත් වෙන බොහෝ සර්පයින් සාමාන්‍යයෙන්
1m පමණ දිගකින්
යුක්ත කුඩා සතුන් වුනත් 9m පමණ දිගකට වර්ධනය වන රෙටිකියුලේටඩ් පිඹුරාගේ (Reticulated python) පටන් 10cm පමණ කෙටි
වූ ශරීරයක් දරන Leptotyphlops
carlae දක්වා පුලුල් පරාසයක මොවුන්ගේ ශරීර ප්‍රමාණ
විසිරී පවතී. එසේම 100kg ආසන්න
ස්කන්ධයකින් හෙබි කොළ ඇනකොන්ඩා (green
anaconda) වැනි සර්පයින්ද ලොව ජීවත් වෙනවා.
රෙටිකියුලේටඩ් පිඹුරා ( Python reticulatus ) |
Leptotyphlops carlae |
Leptotyphlops carlae දැනට ලොව හමුවී ඇති දිගින් අඩුම සර්ප විශේෂය ලෙසින් සැලකෙනවා. මොවුන් බාබිඩෝස් වල පිහිටි කැරිබියන් දූපත්වලට ආවේණිකයි. 2008 වසරේදි තමයි මෙයාලව මුලින්ම හොයා ගත්තේ. මේ කුඩා සර්පයා Leptotyphlopidae කියන සර්ප කුළයට අයත් වෙනවා.මෙම සර්ප විශේෂයේ මෙතෙක් හමුවී ඇති දිගින් වැඩිම සත්වයා 10.4cm දිගකින් යුක්තය.
ඇනකොන්ඩා( Eunectes murinus) |
පෘතුවිය මත වෙසෙන විශාලත්වයෙන් සහ බරින් වැඩිම සර්ප විශේෂය වන්නේ කොළ ඇනකොන්ඩා( Eunectes murinus) නමින් හදුන්වන සර්ප විෂේශයයි. මෙයාලත් විෂ රහිත සර්ප විෂේශයක්. ඇනකොන්ඩා දකුණු ඇමරිකාවෙන් හමුවන දක්ෂ පිහිනුම් කරුවෙක්. මෙයා Boidae කියන් සර්ප කුළයට අයත් වෙනවා.
ජායාරූප- http://kids.britannica.com
http://upload.wikimedia.org
http://gallery.usgs.gov