Sunday, July 31, 2016

පලාබරියා - Green Keelback

පලාබරියා හෙවත් Green Keelback යන නමින් හදුන්වන සර්පයා ශ්‍රී ලංකාව හැරුනු විට ඉන්දියාව පකිස්ථානය මියන්මාරය වැනි ආසියාතික රට වලින් හමුවේ. ශ්‍රී ලංකාව තුළ මුහුදු මට්ටමින් මීටර් 1000 දක්වා සීගිරිය, නකල්ස්, බණ්ඩාරවෙල, දඹුල්ල, ත්‍රිකුණාමලය,  පොලොන්නරුව, පේරාදෙනිය, නමුනුකුල සහ හපුතලේ ආදී ප්‍රදේශ වලින් වාර්තා වී ඇත. Macropisthodon plumbicolor යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වන මෙම සර්පයා මේ ආකාරයට වැඩි දුරටත් වර්ගීකරණය කරනු ලබයි.

Kingdom:   Animalia
Phylum:     Chordata

Class:         Reptilia
Order:         Squamata
Suborder:   Serpentes
Family:      Colubridae
Genus:        Macropisthodon






Macropisthodon plumbicolor palabariya  (Sri Lankan Green Keelback) යන  උප විශේෂය මෙරටට ආවේනික වේ.
 හොදින් වැඩුනු සතුන්ගේ ශරීරය කහ පාටට හුරු කොළ පැහැයක් ගන්නා අතර කුඩා කලදී අදුරු කොළ පැහැයක් ගනී. කුඩා සහ තරුණ අවධි වල පසුවන සතුන්ගේ ශරීර වල කලු පැහැති රේඛා දැකිය හැකි අතර ක්‍රමයෙන් වයසට යත්ම එම රේඛා නැතිවී යයි. ශරීරයේ යටි පැත්ත සුදු පාටින් යුක්ත වේ. කුඩා කල සතුන්ගේ ගෙලෙහි ඉංග්‍රීසි “A” අකුරක හැඩති   කලු පාටින් යුත් පැල්ලමක් දැකිය හැක.
මධ්‍යමප්‍රමාණයේ ශරීරයක් දරයි. කුඩා කළ මදක් ඕවලාකාර හිස වැඩුනු විට ත්‍රිකෝණාකාර හැඩයක් ගනී. හිස ගෙළ රගින් ශරීරයෙන් වෙන්ව ඇත. කෙටි වලිගයක් දරයි. ඇස් වල ගෝලාකාර කණිනිකාවක් පිහිටයි.
වනාන්තර, තෘණ භූමි, කෘෂිකාර්මික බිම් ගෙවතු ආශ්‍රිත කොල රොඩු හා ගල් අතර හමුවේ. බොහෝ විට වේගයෙන් පලා යයි. පලි බරියා විෂ රහිත නිශාචර සර්පයෙකි. භෞමිකව වාසය කරන මෙම සර්පයා සෙන්ටිමීටර් 40 50 පමණ දිගකට වැඩේ. වැඩි වශයෙන් ගෙම්බන් හා මැඩියන් ආහාරයට ගනී.