Saturday, February 20, 2016

අපේ රටට ආවේණික සර්පයෙක්.. පුල්ලි දත්කැටියා - Streaked Kukri Snake

පුල්ලි දත් කැටියා මෙරටට ආවේනික සර්පයෙකි. පහතරට තෙත් කලාපය මධ්‍යම කදුකරයේ නකල්ස් ගම්පොළ මහනුවර කලුතර රත්නපුර කොත්මලේ මීගමුව ආදී ප්‍රදේශ වලින් වාර්තා වී ඇත. මෙම ලිපිනයෙන් පුල්ලි දත් කැටියාගේ ව්‍යාප්තිය බලා ගත හැක.
Colubridae සර්ප කුළයට අයත් පුල්ලි දත් කැටියා Oligodon sublineatus යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වන අතර පහත පරිදි වර්ගීකරනය කරනු ලබයි.
Kingdom:       Animalia
Phylum:         Chordata
Subphylum:   Vertebrata
Class:            Reptilia
Order:           Squamata
Suborder:     Serpentes
Family:        Colubridae
Subfamily:   Colubrinae
Genus:        Oligodon
සිලින්ඩරාකාර ශරීරයේ ඕවලාකාර හිසක් දරයි. ඇසේ ගෝලාකාර කනිනිකාවක් ඇත.  ක්‍රමයෙන් සිහින් වූ වලිගයක් ඇත. දුඹුරු පාට හිසේ සහ ශරීරයේ කලු පාට පැල්ලම් දැකිය හැක. කලු පාට රේඛා දෙකක් ගෙලේ සිට වලිගය කරා දිවේ.
පුල්ලි දත් කැටියා විෂ රහිත සර්පයෙකි. දිවා සහ සන්ධ්‍යා කාල වල වැඩිපුර හමුවන අතර බොහෝ විට දිරාගිය කොළ රොඩු  ආශ්‍රිතව හමුවේ. වර්ෂා සහිත කාල වල වැඩිපුර මුන ගැසෙන අතර ඇතැම් විට මිනිස් වාසස්ථාන වලටද ඇතුලු වේ.

මෙම සර්පයා 40- 50 cm පමණ දිගකට වර්ධනය වේ. කුඩා කෘමින් මැඩියන් ආහාරයට ගනී. IUCN රතු දත්ත පොතේ මෙම සර්පයා Least Concern (LC) කාණ්ඩය යටතේ වර්ගීකරනය කරනු ලබයි.
බොහෝ විට දිරාගිය කොළ රොඩු  ආශ්‍රිතව හමුවේ


ජායාරූප- http://www.arkive.org/