Saturday, December 20, 2014

අතු අතර නිතර හමුවෙන- තුරු හාල්දන්ඩා

අද ලිපියෙන් කතා කරන්න යන්නේ අපේ රටේ තරමක් විතර බහුලව හමුවෙන සර්පයෙක් ගැනයි. තුරු හාල්දන්ඩා කියලා සිංහලෙන් මෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් Common Bronze යනුවෙන් හදුන්වන මේ සර්පයා විද්‍යාත්මකව Dendrelaphis tristis  යන නමින් හදුන්වනවා. මෙයා Colubridae කියන සර්ප කුළයට අයිත් සර්පයෙක්. මෙන්න මේ විදිහට මෙයාව වැඩිදුරටත් වර්ගීකරණය කරන්න පුලුවන්.



Kingdom: Animalia
Phylum: Chordata
Class: Reptilia
Order: Squamata
Suborder: Serpentes
Family: Colubridae
 Genus: Dendrelaphis

තුරු හාල්දන්ඩා ශ්‍රී ලංකාවේ තෙත් අතරමැදි හා වියළි කලාප වල හමුවෙනවා. ශ්‍රී ලංකාව හැරනු විට ඉන්දියාව වැනි දකුණු ආසියාතික රටවල් කිහිපයකින් විතරයි මේ සර්පයාව දැකගන්න පුලුවන් වෙන්නේ.
 මේ සර්පයා අලු පාටට හුරු දුඹුරු පාට ශරීරයක් දරනවා. උල්වූ හිස හා එහි සිට පහලට ගමන් කරන ලෝකඩ පාට රේඛාවක් දැක ගන්න පුලුවන්. හිසේ පිහිටි විශාල ඇසේ පැහැදිලි කණිනිකාවක් පිහිටනවා. තුරු හාල්දන්ඩා කියන්නේ ක්‍රියාශීලී මෙන්ම ආක්‍රමණශීලී සර්පයෙක්. ගස් අතර වේගයෙන් සංචරණය කිරීමේ හැකියාවක් තියෙනවා. වේගයෙන් පැන ගොදුරු අල්වා ගන්නවා.
මෙයා විෂ රහිත සර්පයෙක්.  70- 90 cm පමණ දිගකට වැඩෙනවා. සැප්තැම්බර් සහ පෙබරවාරි අතර කාලවලදී වරකට බිත්තර 6ත් 7ක් අතර සංඛ්‍යාවක් දමනවා. කුඩා කුරුලු බිත්තර ආහාරයට ගනී.

     



ජායාරූ www.srilankanreptiles.com

               www.srilankareptile.com