Sunday, July 28, 2013

සර්පයින් හා බැදුන මිත්‍යා විශ්වාස


අද අපි කතා කරන්න යන්නේ ටිකක් වෙනස් මාතෘකාවක්. ඒ තමයි සර්පයෝ ගැන මිනිස්සුන්ගේ තියෙන මිත්‍යා විශ්වාස. සර්පයෝ කියන සත්ව කොට්ඨාශය අනිත් සතුන්ටත් වඩා මිත්‍යා මත ගොඩකට පදනම් වෙච්ච විදිහට සත්ත්ව කාණ්ඩයක් විදිහට හදුන්වන්න පුලුවන්. සර්පයින් හා  බැදුන මිත්‍යා විශ්වාස ‌බො‌හොමයක් අප සමාජය තුළ පැතිරිලා තියෙනවා. ‌මේකට ප්‍රධාන‌ ‌හේතුවක් තමයි සර්පයින් පිළිබඳ ජනතාව තුළ පවතින ‌නොදැනුවත් කම වගේම සර්පයින් කෙරෙහි පවතින බිය.
 ‌ලේ මාපිලන් (Bogia forsteny ) හත් ‌දෙ‌නෙකු රාත්‍රියට ඇවිල්ලා  වහ‌ලේ එල්ලිලා  නිදා ගෙන ඉන්න පුද්ගලයින්‌ගේ පාද‌යේ මහපට ඇගිල්ල සිදුරු කර ‌ලේ උරා බොනවා කියලා ගොඩක් ගම්බද පුද්ගලයින් විශ්වාස කරනවා. ‌ ලේ උරා බිබ්වට පස්සේ ‌ලේ හිඟවීම නිසා අදාල පුද්ගලයා නින්‌දේදීම මිය යනවා කියලත් එයාලා හිතාගෙන ඉන්නවා. මේක සම්පූර්ණයෙන්ම මිත්‍යා මතයක්,‌ලේ මාපිලාට එම නම පටබැදෙන්න උ‌ගේ ශරීර වර්ණය දායක වන්නට ඇතැයි හිතන්න පුලුවන්.  ලේ මාපිලා සතුව තියෙන පරිග්‍රාහී වලිගය නිසා යමක එල්ලී සිටී‌මේ හැකියාව තිබුනත් ලේ උරා බීමක් සිදු කරන්නේ නෑ. ඒ විතරක් නෙමෙයි ‌ලේ උරා ‌බොන කිසිදු සර්ප‌යෙක් ලංකාව තුළින් මෙතෙක් වාර්තා වෙලත් නෑ.
කටකලුවා (Coelognathus helena )  මිනිසුන්ට දෂ්ඨ කලාට පස්සේ  අසල තියෙන ගසකට නගින බවත් ‌රෝගියා මිය යන ‌තෙක් ග‌ස උඩට වෙලා ඉදලා ‌රෝගියා මියගියාට පස්සේ පසු ග‌සෙන් බැහැලා  යනවා කියලත් සමහර අය විශ්වාස කරනවා. මේකත් මිත්‍යා මතයක්, කටකලුවා මිනි‌සෙකුට මරණය ‌ගෙන දීමට තරම් විෂ තියෙන සර්පයෙක් නෙමෙයි. ‌භෞමික හා අර්ධ ‌ලෙස රුක්වාසි‌යෙකු වෙන මේ සර්පයා බොහෝ වෙලාවට ගස් උඩ දැක ගන්න නම් පුලුවන්, ඒත්‌ ‌මොහු එක් වරම මිනිසාට පහර දීමට නම් පෙළ‌‌ඹෙන්නේ නෑ.
ගොඩක් දෙනෙක් විශ්වාස කරන දෙයක් තමයි දෙපත් නයාට (Cylindrophis maculatus) හිස්‌දෙකක් තියෙනවයි කියන එක. ‌දෙපත් නයා‌ගේ හිස හා වලිගය දෙකම එකම ස්වරූපයෙන් යුක්ත වීම මේකට හේතු වෙන්න පුලුවන්..
තවත් මිත්‍යා මතයක් තමයි ගැරඩියා (Ptyas mucosa) ‌හෝ දිය බරියා (Gerarde prevostiana ) දෂ්ඨ කලාට පස්සේ  ‌වෙනත් සර්පයින් එම පුද්ගලයාට දෂ්ඨ ‌නොකරන බව.
‌මෙකත් සම්පූර්න‌යෙන්ම මිත්‍යා විශ්වාසයක්. ගැරඩියා වගේම දිය බරියත් හිරිහැර ක‌ලොත් ‌හෝ ඇල්ලීමට උත්සහ දැරීමක් ‌නොකරන්‌නේ නම්  කිසිවිටකත් මිනිසාට පහර දීමට ‌පෙලඹෙන්නේ නෑ.
සර්පයෝ ගැන තියෙන මිත්‍යා විශ්වාස තව ගොඩක් අපේ සමාජයේ තියෙනවා, ඒව ගැනත් තොරතුරු අරගෙන තවත් දවසක හම්බුවෙමුකෝ..