Monday, April 15, 2013

සර්පයින්‌ගෙන් අපිට උදව්....???


අද අපි කතා කරන්න යන්නේ ගොඩක් දෙනෙක් නොදන්න කාරණාවක් ගැන. ඒ තමයි සර්පයන්ගෙන් අපිට ලැබෙන උදව් ගැන. ගොඩක් අය හිතන්න පුලුවන් සර්පයින්ගෙන් අපිට මොන උදව්ද? සර්පයින්ගෙන් අපිට ලැබෙන්නේ කරදර විතරක් කියලා. එහෙම හිතන්න එපා. සර්පයින්ගෙන් මිනිස්සු වෙන අපිට විතරක් නෙමෙයි අනෙක් සත්තුන්ටත් ලොකු මෙහෙයක් ඉටු වෙනවා.
මිහිතලය මත වසන සෑම සත්ව ‌කොට්ඨාශයක් ‌වගේම සර්පයින්ද මිහිතලයේ පැවැත්මට යම්‌ ‌මෙ‌හෙයක් ඉටු කරනවා. ලංකා‌ව කියන්නේ ‌‌ෙ‌ජෙවවිවිධත්වය අතින් ලෝකයේ අනෙක් ගොඩක් රටවල් වලට වඩා ඉදිරියෙන් ඉන්න රටක්. ඉතින් ලංකාවේ මෙන්න මේ කියන ‌‌ෙ‌ජෙවවිවිධත්වය ඉහල දාන්න සර්පයින්‌ගේ දායකත්වය අත්‍යාවශ්‍ය ‌වෙනවා.
ඒ වගේම ලංකාව කියන්නේ ඈත අතීත‌යේ ඉදලම කෘෂිකාර්මික රටක්. කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ තියෙන ලොකු ගැටලුවක් තමයි විලෝපිකයින් ගෙන් වගාවන්ට සිද්දවෙන හානිය. විශේෂයෙන්ම මීයන් වගේම අනෙකුත් කෘමි සත්තුන් ගෙනුත් ලොකු හානියක් සිද්දවෙනවා.
සර්පයින් කියන්නේ ආහාර දාම වල අවසාන මට්ටම් වල යැ‌පෙන්නන්. මේ හින්දා සර්පයෝ මීයන් වගේම වගාවන්ට හානි කරන විවිධ කෘමි සත්තු ආහාරයට ගන්නවා. ඒක හින්දා ඒ සතුන්ගේ ‌බෝ වීම පාලනය ‌‌වෙනවා. එයින් වගාවන්ට විශාල ‌ලෙස පාඩු සිදු වීම වැළ‌කෙනවා.
 වගාවන්ට හානි කරනවට අමතරව මීයන් නිසා මී උණ වැනි වගේ වසංගත තත්වයන් පැතිරිලා යනවා. ඔයාලා කවුරුත් දන්නවා ඇති මී උණ කියන්නේ මාරාන්තික ලෙඩක්. ඉතින් සර්පයින් විසින් මේ දරුණු රෝගය පතුරුවන මීයන් ‌ගොදුරු කර ගන්නවා. ඒක මේ වසංගතය මර්ධනය කරන්න ලොකු පිටිවහලක් ‌ෙවනවා.
ඔයාලා ගොඩක් දෙනෙක් දන්නේ නැතුව ඇති ඔයාලා ඇතැම් ලෙඩ වලට ගන්න බෙහෙත් හදලා තියෙන්නේ සර්පයින්ගේ විෂ යොදාගෙන කියලා. ‌ෙ‌වෙද්‍ය විද්‍යාවේ බෙහෝ ඖෂධ නිපදවන්න සර්පයින් උප‌යෝගී කර ගන්නවා. ‌බොහෝ විට සර්පයින් දෂ්ඨ කල විට ලබා ‌දෙන ප්‍රති විෂ ( Anti venom  ) නිෂ්පාදනය කරන්න ‌‌යොදා ගන්නේ සර්ප විෂයි.
පිළිකා, සරම්ප, හි‌මෝෆීලියාව, ස්නායු ‌රෝග, ලාදුරු, රූමටික උණ, මහාමාරිය, ඇදුම වැනි ‌රෝග වැලදුන රෝගීන්ගේ ජීවිත බේරා ගන්න මර්ධනය කළ සර්ප විෂ ‌යොදා ගන්නවා.
ලංකාව ඇතුලු දකුණු ආසියාතික රටවල විවිධ ජන ‌කොට්ඨාශ වල ජීවිකාව සර්පයින් මත රැදිලා ති‌යෙනවා. වි‌ශේෂ‌යෙන්ම අහිගුන්ඨක ජන ‌කොධ්ඨා   නයින් නැටවීම මගින් තම ජීවිකාව පවත්වා ගෙන යනවා.
ඉතින් මේ කිව්වේ සර්පයින්ගෙන් මිනිස්සු වෙන අපිට ලැබෙන වාසි කිහිපයක් විතරයි. සර්පයෝ අපිට මෙච්චර උදව් කරලත් අපේ ගොඩක් දෙනා තුළ සර්පයෝ ගැන තියෙන ආකල්පය නම් එච්චර හොද එකක් නෙමෙයි කියලයි මම හිතන්නේ.