Saturday, February 16, 2013

හොමොලොප්සිඩේ කුළය Family Homalopsidae


Family Homalopsidae            

පසුගිය දවස් වල සර්පයෝ අයිතිවෙන කුළ ගැන කතා කරමින් හිටියා ඔයගොල්ලන්ට මතක ඇතිනේ, ඉතින් ගොඩක් දවසකට පස්සේ අද තවත් සර්ප කුළයක් ගැන කතා කරන්න හිතුවා. ලෝකය පුරා  කුළ 19කට (David & Ineich,1999) අයිති සර්පයෝ හිටියත් ලංකාවේ සර්පයෝ අයිතිවෙනනේ කුළ 11කට විතරයි. අද අපි කතා කරන්නේ  මේ කුළ අතරින් Homalopsidae කියන සර්ප කුළය ගැන.

මෙම කුලයට අයත් සර්ප විෂේශ 3 ක් වගේ සුලු සංඛ්‍යාවක් විතරයි ලංකාව තුළදී හමුවෙන්නේ.  කොහොම වුනත් මේ මෑත කාලයක් වෙනකන් මේ සර්ප විෂේශ තුනත් දාලා තිබුනේ  Colubridae කියන සර්ප කුළයට. නමුත් පස්සේ කාලෙකදී මෙයාලගේ දකින්න පුලුවන් වෙනස්කම් සැලකිල්ලට ගත්ත විද්‍යාඥයෝ මෙයාලව වෙනත් කුළයකට දාන්න තීරණය කලා.

 මෙම කුළයට අයත් සර්ප විෂේශ මධ්‍යම ප්‍රමාණයේ ශරීර දරනවා. ඒ වගේම මෙයාලා සියලුම දෙනා ජලජ වාසීන්. මිරිදියේ ජීවත් වෙනවා. කුනුදිය කලුවා( Cerberus rynchops ) Dog-faced Water Snake
දේදුනු දිය බරියා (Enhydris enhydris) Rainbow Mud Snake   
ප්‍රොවොස්ටිගේ දිය බරියා (Gerarda prevostiana  ) Glossy Marsh Snake  
මෙම කුලයට අයත් සර්ප විෂේශ තුන විදිහට හදුන්වන්න පුලුවන්. මේ සර්ප විෂේශ තුනම විෂ රහිත සර්පයෝ විදිහටයි සලකන්නේ. කොහොම වුනත් මේ සර්පයෝ වාර්තා වෙලා තියෙන්නේ බොහොම කලාතුරකින්. ඒ කියන්නේ මෙයාලගේ සංඛ්‍යාව බොහොම පොඩ්ඩයි. මේ හින්දා මෙයාලා වද වීමේ තර්ජනයටත් මුහුනපාලා ඉන්නවා. ඉතින් මෙයාලා වද වීමට නොදී ආරක්ෂා කර ගැනීම අපේ යුතුකමක්.

කුනුදිය කලුවා (Cerberus rynchops) Dog faced Water Snake

(ජායාරූපය ඇනස්ලම්ද සිල්වා මහතාගේ Snakes of Sri Lanka” ග්‍රන්ථයෙන්)