Sunday, January 8, 2012

Family Acrochordidae

එදා අපි සර්පයින් වර්ගීකරණය ගැන කතා කරන කොට කිව්වනේ ලංකාවේ ඉන්න සර්පයෝ ප්‍රධාන කුළ 11ක් යටතේ වර්ගීකරණය කරන්න පුලුවන් කියලා. ඉතින් අපි අද ඉදන් කතා කරන්න යන්නේ ඒ එක් එක් කුළය ගැන.
Family Acrochordidae
මෙම කුලයට අයත් සර්පයින් අතරින් මෙරට තුළදී හමුවන්නේ රෙදි නයා /දිය ගොයා ලෙස හදුන්වන Acrochordus granulatus පමණයි.  මෙම කුලයේ සර්පයින් තරමක් විශාල, බර ශරීර දරනවා. ඒ වගේම රැළි වැටුනු ලිහිල් සමකින් ශරීරය ආවරණය වෙලා තියෙනවා.  ශරීරයේ ඉතා කුඩා කණිකාමය හැඩති අතිච්චාදනය නොවූ කොරපොතු පිහිටා තියෙනවා.
මෙයාලා ජලයේ ජීවත් වීමට අනුවර්තනය වෙලා ඉන්නවා. කිවුල් ජලයේ, කලපු වල වගේම වෙරලාසන්න පිරිසිදු ජල මූලාශ වලත් මෙම කුළයේ සර්පයින් දැක ගන්න පුලුවන්. ජලයේ පිහිනීමට මෙන්ම ජලයේ ගිලී විසීමටද මොවුනට හැකියාවක් තියෙනවා. වැඩුනු සත්වවයින් හා ලාබාල සත්ත්වයින් වර්ණයෙන් වෙනස් නිසා පැහැදිලිව වෙන් කරලා හදුනගන්න පුලුවන්.

(මෙම ඡායාරූප www.srilankanreptiles.com  වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලද්දකි.)